FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඤාණසාර හිමිගේ සිවුර ගැලෙවුවාට බන්ධනාගාරය ඉදිරිපිට විරෝධතා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක සෙනක පල්ලෙතැන්න මහතා ප්‍රකාශ කරන්නේ, බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ රැඳවියන් බන්ධනාගාරයෙන් නිකුත් කරන නිල ඇඳුම ඇඳිය යුතු බවට පවතින රෙගුලාසි අනුව මෙම ක්‍රියාමාර්‍ගය ගත් බවයි. සිරගත කර සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් වන නීතිමය විධිවිධාන මෙන්ම රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පිළිපැදිය යුතු බන්ධනාගාර රීති ඒ අයුරින්ම අනුගමනය කර ඇති බව ද ඔහු සඳහන් කළේය. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වූ වසර හයක සිරදඬුවමෙහි ඉතිරි කාලසීමාව බලාත්මක කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම මතභේදාත්මක තත්ත්වය නිර්‍මාණය වී ඇත.

Google AdSense

In-Article Ad