FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ 13 දක්වා රිමාන්ඩ්!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අල්ලස් හෝ දූෂණ විමර්‍ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඇය අද (7) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. කෙසේ නමුත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා සැකකාරිය කොළඹ නවලෝක රෝහල වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත. සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්‍ශනයකට අදාළව ඇය අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර එම නඩුකරයට අදාළව අද දිනයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැර තිබේ.

Google AdSense

In-Article Ad