
රජයේ සේවකයන් වෙන නම් දාලා අස්වැසුම අරගෙන..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
අදාළ සේවකයින් 2023 වසරේ සිට අස්වැසුම මුදල් අඛණ්ඩව ලබා ගෙන ඇති බවත්, ඒ පිලිබවද විමර්‍ෂණ නිළධාරින් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය දැනුවත් කර ඇති බවයි නෝර්‍වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ නිළධාරියෙකු කියා සිටියේ. බගවන්තලාව සහ හැටන් වසම්වල පදිංචි නෝර්‍වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ සේවය කරන එම සේවකයින් නෝර්‍වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ අස්වැසුම අංශයේ නිළධාරින්ගේද සහයෝගය ඇතිව මෙම ප්‍රතිලාභ ලබා ගෙන ඇති බවට තහවුරු වී ඇත. නෝර්‍වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයේ අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් දැනට කරන ලද විගණන වාර්‍ථාව අනුව එය රු.කෝටි 6 දක්වා ඉහළ ගොස් ඇති බවත්, එම වංචාවට සම්බන්ධ නිළධාරින් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, එම මුදල් වංචාවට සම්බන්ධ ගුරුවරුන් 6 දෙනෙකු මේ වන විට වැඩ තහනමකට ලක් වී ඇත. අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් තවත් රජයේ සේවකයින් පිරිසක් සම්බන්ධ බවත්, ඒ පිලිබදව විමර්‍ෂණ කටයුතු සිදු කල හැටන් කොට්ඨාශ විමර්‍ෂණ ඒකකයේ පොලිස් නිළධාරින් වංචා කල මුදල කෝටි 6කට ආසන්න නිසා එහි ඉදිරි විමර්‍ෂණ කටයුතු අපරාධ විමර්‍ෂණ දෙපාර්‍තමේන්තුවට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හරහා භාර දී ඇත. විමර්‍ෂණ කටයුතු සිදු කල සියලුම ලිපිගොනු හැටන් කොට්ඨාශ විශේෂ විමර්‍ෂණ ඒකකය මගින් මේ වන විට අපරාධ විමර්‍ෂණ දෙපාර්‍තමේන්තුයව වෙත යොමු කර ඇති බව හැටන් පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
Google AdSense
In-Article Ad

