
ඤානසාර හිමිගේ සිවුර ගැලවීම ලයිවු පෙන්නුවා යයි ගම්මන්පිල කී කතාව ගැන පරීක්‍ෂණයක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
රජයේ ප්‍රවෘත්ති දෙපාර්‍තමේන්තුවේ අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්‍තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉන් අනතුරුව අදාළ විමර්‍ශන කටයුතු ආරම්භ කෙරෙන බවයි. මෙම චෝදනාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බරපතළ කාරණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් වන සත්‍යාසත්‍යතාව හෙළිදරව් කරගත යුතු බව අවධාරණය කළේය. ඥානසාර හිමියන්ගේ සිවුර බලහත්කාරයෙන් ගලවා දැමූ අවස්ථාවේදී, බන්ධනාගාර නිලධාරියෙකු සිය ජංගම දුරකථනය උපයෝගී කරගනිමින් රජයේ ඉහළ පෙළේ ප්‍රධානියෙකුට එය නැරඹීමට සැලැස්වූ බවට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී චෝදනා කර තිබිණි. ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම පරීක්ෂණයේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් දුටු, ඇසූ හෝ ප්‍රකාශ කළ සියලු සාක්ෂි සහ තොරතුරු නීතිය හමුවේ අනාවරණය කිරීමට ගම්මන්පිල මහතාට පූර්‍ණ අවස්ථාව හිමිවනු ඇති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

