FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ට ජනාධිපති වෙන්න බැරිවුනොත් ස්ථිරවය රහත් වෙනවා...- තිත්තගල්ලේ හිමි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සමාජ මාධ්‍ය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව අනාවරණය කර තිබේ. බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයාගේ වත්මන් චර්‍යාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, ඔහු සෑම දිනකම අලුයම 4.30ට පමණ අවදි වී පැය තුනක කාලයක් එකදිගට මෛත්‍රී භාවනාවේ යෙදෙන බවත්, ඉන් අනතුරුව ශාරීරික ව්‍යායාමවල නිරත වන බවත්‍ය. අතීතයේ සිටි නාමල් රාජපක්ෂ චරිතය වෙනුවට මේ වන විට ආධ්‍යාත්මික වශයෙන් පරිවර්‍තනය වූ පුද්ගලයෙකු දැකගත හැකි බව පෙන්වා දුන් උන්වහන්සේ, අංගුලිමාලට රහත් විය හැකිනම් නාමල් මන්ත්‍රීවරයාටද රහත් වීමේ හැකියාව පවතින බව පෙන්වා දුන්හ. තමන් වහන්සේ සතු වසර විස්සක ජ්‍යොතිෂ අත්දැකීම් උපයෝගී කරගනිමින්, නාමල් රාජපක්ෂ මහතා සිරගත වීමට පෙරම ඔහුගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කර බලා ඔහු බන්ධනාගාරගත වන බවට කල්තියා අනාවැකි පළ කළ බවද උන්වහන්සේ එහිදී පැවසූහ. මෙම සිරගතවීම අතීතයේ කරන ලද බරපතළ අකුසල කර්‍මයක් විපාක දීමක් බවද උන්වහන්සේගේ අදහසයි. මන්ත්‍රීවරයා පාර්‍ලිමේන්තු සැසිවාර සඳහා පැමිණෙන අවස්ථාවලදී මෙන්ම පවුලේ ඥාතීන් මාර්‍ගයෙන්ද තමන් වහන්සේ වෙත පණිවිඩ එවීමට කටයුතු කරන බව සඳහන් කළ ආනන්දසිරි හිමියෝ, වර්‍තමාන තත්ත්වය හමුවේ ඔහුට පිහිට විය හැකි එකම මඟ මෛත්‍රී භාවනාව පමණක් බව වැඩිදුරටත් කියා සිටියහ.

Google AdSense

In-Article Ad