
ජවිපෙ දලදා මාලිගාවට වෙඩි තිබ්බා.. මල්වතු නාහිමි සාක්කියි.. ඉන් දෙදෙනෙක් මැරුනා.. වහා නීතිය ක්‍රියාත්මක කරන්න.
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
සමගි ජන බලවේගයේ මහලේකම්වරයා ඇතුළු පාර්‍ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මල්වතු පාර්‍ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්‍ථ සුමංගල මහානාහිමිපාණන් වහන්සේ බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්, පාර්‍ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, 1989 පෙබරවාරි මස ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී දළදා මාළිගාවට වෙඩි තැබූ බවට මහානායක හිමිපාණන් වහන්සේ වගකීමෙන් ප්‍රකාශ කළ බවයි. එම වෙඩි තැබීම හේතුවෙන් පොලිස් නිලධාරියකු ඇතුළු කිහිප දෙනෙකු ජීවිතක්ෂයට පත්ව දේපළ හානි සිදු වූ බවත්, ආරක්ෂකයන් සතුව තිබූ ගිනිඅවි පැහැරගෙන ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී දළදා මාළිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වුවද, ඊට පෙර එම පූජනීය භූමියට ප්‍රහාරයක් එල්ල කරමින් ලේ වැගිරවූ පළමු ත්‍රස්තවාදී කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ බවට මහානායක හිමියන් කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව හෙතෙම ප්‍රකාශ කළේය. "දළදා මාළිගාවට බෝම්බ නොගැසූ පමණින් ජනතා විමුක්ති පෙරමුණ නිර්‍දෝෂී වන්නේ නැහැ. බෝම්බ ප්‍රහාරයකින් හෝ වෙඩි තැබීමකින් මිනිසුන් ඝාතනය කිරීම එක සමාන අපරාධයක්. එකල උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරද්දී, දකුණේ එම ක්‍රියාවම සිදු කළේ ජනතා විමුක්ති පෙරමුණයි" යනුවෙන් ද ඔහු සඳහන් කළේය. මිනීමැරුම් චෝදනාවලට අදාළ නීතිමය ක්‍රියාමාර්‍ග කාලාවරෝධය නොවන බැවින්, මල්වතු මහානාහිමියන්ගේ මෙම ප්‍රකාශය ප්‍රබල සාක්ෂියක් කරගනිමින් අදාළ වෙඩි තැබීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මෙතෙක් ප්‍රමාද වී නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Google AdSense
In-Article Ad

