FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මැදපෙරදිග යුද්දෙ නිසා තෙල් මිල ඉහළ ගිහින්.. මෙරටටත් පීඩනයක් එල්ල වෙනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සම්මන්ත්‍රණයකට එක්වෙමින් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ , බිඳවැටුණු ආර්‍ථිකයක් සහිත රටක් යළි ගොඩනැගීමේදී මෙවැනි අනපේක්ෂිත අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව ප්‍රදර්‍ශනය කිරීම සුවිශේෂී තත්ත්වයක් බවයි . රට හමුවේ පවතින අභියෝග සහ ආර්‍ථික කළමනාකරණය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහාචාර්‍ය අනිල් ජයන්ත මහතා මෙසේද සඳහන් කළේය : " අපේ රටේ දුප්පත්කම කියන්නේ ව්‍යුහාත්මකව සමාජය තුළ ගැඹුරට එබ්බී පවතින ප්‍රශ්නයක් . එයින් මිදීම දීර්‍ඝකාලීන වැඩපිළිවෙළක් . පළමුවෙන්ම රට ඇතුළෙන් ආ ස්වභාවික ආපදා කම්පනයක් වූ ' දිට්ඨ ' සුළි කුණාටුවෙන් වූ හානි ප්‍රතිසංස්කරණය කිරීමට පිටතින් ණයක් නොගෙන , කාටවත් අත නොපා රුපියල් බිලියන 500 ක් වෙන් කිරීමට අපට හැකිවුණා . සාමාන්‍ය රටක නොව බිඳවැටුණු රටක මෙවැනි ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්වීම අගය කළ යුතු කරුණක් . දෙවනුව , මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල , ප්‍රවාහන ගාස්තු මෙන්ම ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා . එමඟින් මෙරට බාහිර අංශයට සහ විනිමය අනුපාතයට යම් පීඩනයක් එල්ල වී තිබෙනවා . එහෙත් එම බාහිර පීඩනයන් හමුවේ වුවද , ආර්‍ථිකය තිරසර ආකාරයෙන් පවත්වා ගනිමින් සියලු දෙනාට එක්ව ඉදිරියට යා හැකි යහපත් පරිසරයක් නිර්‍මාණය කිරීමට අපට හැකිවී තිබෙනවා ."

Google AdSense

In-Article Ad