FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සංවර්‍ධනය කරන්න නම් රජය එක දිගට අවුරුදු 10ක්වත් තිබිය යුතුයි.. අවුරුද්දෙන් දෙකෙන් සියල්ල කරන්න බෑ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ජනහමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය . රජයක් බලයට පත්වී කෙටි කලකින් සියලු ගැටලු එක රැයකින් විසඳනු ඇතැයි ජනතාව අපේක්ෂා කිරීම ප්‍රායෝගික නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළේය . " අවම වශයෙන් ජනතාවාදී ආණ්ඩුවක් , ජනතාවගේ අවශ්‍යතාවන් මේ වගේ සම්පූර්‍ණ කරන ආණ්ඩුවක් එක දිගට අවුරුදු 10 ක්වත් යන්න ඕන . එතකොට තමයි සංවර්‍ධන ව්‍යාපෘති නිසි ලෙස අවසන් කරන්න පුළුවන් වෙන්නේ . දැන් බලයට ඇවිත් අවුරුද්දයි දෙකයි වෙනකොට අපෙන් අහනවා කෝ අරක නෑ මේක නෑ කියලා . අර පාර හදන්න , මේ පාර කොන්ක්‍රීට් කරන්න , අරක කාපට් කරන්න , මේ ඇළ කොන්ක්‍රීට් කරන්න කියලා එකවර ඉල්ලීම් කරනවා . ඒ ඔක්කොම එකපාර කරන්න බෑ . රාජ්‍ය නිලධාරීන්ගෙන් මේ වැඩකටයුතු කරගන්නත් යම් කාලයක් සහ ක්‍රමවේදයක් අවශ්‍යයි ." තමන් ඇතුළු වත්මන් මහජන නියෝජිතයන් මහ පොළොවේ ජීවත් වෙමින් බිම් මට්ටමේ සැබෑ දුක්ගැනවිලි අත්විඳි පිරිසක් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා , ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව තමන්ට මනා අවබෝධයක් ඇති බව සඳහන් කළේය . පවතින රාජ්‍ය යාන්ත්‍රණය සහ සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගනිමින් , ජනතාවගේ සැබෑ අවශ්‍යතා ක්‍රමානුකූලව සම්පූර්‍ණ කිරීමට රජය මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය .

Google AdSense

In-Article Ad