
ඔස්ට්රේලියානු පාර්ලිමේන්තු මන්ත්රීවරියකට ප්රහාරයක්?
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
දේශපාලනඥයින්ට එරෙහිව එල්ල වන ප්රචණ්ඩකාරී ප්රහාර ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතින පසුබිමක, ඔස්ටේ්රලියාව ද භීතියට පත් කරමින් එරට පාර්ලිමේන්තු මන්ත්රීවරියක් අනතුරකට ලක්ව තිබෙනවා. වික්ටෝරියා ප්රාන්තයේ වැන්ගරැටා නගරයේ පිහිටි සිය කාර්යාලය ඉදිරිපිටදී, ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන හෙලන් හේන්ස් අනතුරට ලක්ව ඇත්තේ මෝටර් රථයක ගැටීමෙන්. එහිදී ඇය බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ. සිද්ධිය වූ ස්ථානයේදීම 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ළඟ තිබී පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, මෙය සැලසුම් සහගතව සිදුකළ ප්රහාරයක් ද යන්න පිළිබඳව පොලිසිය තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ. එහෙත් ඔස්ටේ්රලියානු අග්රාමාත්ය ඇන්තනි අල්බනීසි පෙන්වා දෙන්නේ මෙය හදිසි අනතුරක් නොවන බවත්, හිතාමතාම එල්ල කරන ලද ප්රහාරයක් බව පෙනී යන බවයි. .
Google AdSense
In-Article Ad

