FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කාවන්තිස්සගේ මරණය ගැන අපි රජයම දැඩි කම්පාවෙන් ඉන්නෙ..- අගමැතිනි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙවැනි පාරිසරික අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ තරාතිරම, තනතුර හෝ ධනය නොසලකා ඔවුන්ට එරෙහිව පරිසර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඇය අවධාරණය කළාය. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පසුගිය 19 වැනිදා පැවති 11 වැනි ‘ජනාධිපති පරිසර සම්මාන’ උළෙල ප්‍රධාන ආරාධිතයා ලෙස අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මධ්‍යම පරිසර අධිකාරිය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පැවසුවාය. "කාවන්තිස්ස හස්තියා සියැසින් නොදුටු බහුතරයක් ජනතාව පවා ඒ වියෝවෙන් දැඩි කම්පනයකට පත්වුණා. ඒ අපිට ආදරය කළ අපේම ජාතික වස්තුවක් අහිමි වූ බව සියලු දෙනාටම තදින්ම දැනුණු නිසයි. වෙඩි වැදීම නිසා හටගත් බරපතළ ආසාදන තත්ත්වයන් හමුවේ වනජීවී පශු වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දැරුවත් හස්තියාගේ දිවි බේරාගැනීමට නොහැකි වුණා. අතීතයේ සිටම මෙරට සද්දන්ත අලි ඇතුන් ඝාතනය වුවද ඔවුන් රැකගැනීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී තිබුණේ නැහැ. මෙවැනි බරපතළ අපරාධ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව කිසිදු බුරුලක් නොපෙන්වා නීතිය උපරිමයෙන්ම ක්‍රියාත්මක කිරීමට රජය අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා." වනසතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ ප්‍රතිකාර සේවා තවදුරටත් ඉහළ නැංවීම සඳහා රජය ගෙන ඇති ඉදිරි පියවර පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරිය, පරිසර අමාත්‍යාංශයේ සැලසුමකට අනුව නවීන පහසුකම් සහිත නව වනජීවී සත්ව රෝහලක් ඉදිකිරීමට නියමිත බවත්, හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන ජංගම සෞඛ්‍ය සේවා ඒකක ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් පැවසුවාය. එමෙන්ම වනසතුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරුන් බිහිකිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව පෙන්වා දුන් ඇය, පශු වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ කෘෂිකර්‍ම, පශු සම්පත් අමාත්‍යාංශ සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවද සඳහන් කළාය.

Google AdSense

In-Article Ad