FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පොලිස් ජීප් රියට ගල් ගහයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඊයේ රාත්‍රී කාලයේදී අඹකොටේ ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබේ. තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රපාල මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අඹකොටේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව එම සැකකරුවන් පොලිස් ජීප් රථයට නංවාගෙන නැවත පොලිස් ස්ථානය බලා ධාවනය කරමින් සිටියදී, මාර්‍ගය අයිනේ වූ ලඳු කැලෑවක රැකසිටි පිරිසක් ක්ෂණිකව මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. ගල් ප්‍රහාරය හේතුවෙන් පොලිස් ජීප් රථයට අලාභහානි සිදුව ඇති අතර, පොලිස් නිලධාරීන්ට හෝ අත්අඩංගුවේ සිටි සැකකරුවන්ට බරපතළ තුවාල සිදුව නොමැති බව වාර්‍තා වේ. ප්‍රහාරය එල්ලවීමත් සමග ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම, ඊට සෘජුවම සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ප්‍රහාරයට සම්බන්ධ සෙසු පුද්ගලයන් සොයා තෙල්දෙණිය පොලීසිය පුළුල් විමර්‍ශනයක් අරඹා තිබේ.

Google AdSense

In-Article Ad