FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හජ් වන්දනා පනත විශාල ජයග්‍රහණයක්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අමාත්‍යවරයා මේ බව පැවැසූයේ මනුෂ්‍යත්වය පුනරුදය උදෙසා පෙළ ගැසෙන ‘මනුදම් පුනරුද සංවාදය’ නමින් සර්‍ව ආගමික කතිකාවත දෙනුවර බොදු කිතුණු හින්දු ඉස්ලාම් සර්‍ව ආගමික පූජකවරුන් ගේ සහභාගිත්වයෙන් 16 වැනිදා ගිරාගමනව තේ කර්‍මාන්ත ශාලා පරිශ්‍රයේ දී පැවැත්වූ සර්‍ව ආගමික කතිකාවතට එක්වෙමිනි. මෙහිදී අමත්‍යවරයා කියා සිටියේ හජ් වන්දනාව පහසුකම් සහිතව සිදු කිරීමට සහ සංචාරක ඒජන්සි සමග සාකච්ඡා කර එහි ගාස්තු යම් ප්‍රමාණයකට අඩු කර දීමට මෙන්ම මේ වන විට වාර්‍ෂිකව හජ් වන්දනාවට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව වැඩි කර ගැනීම සම්බන්ධයෙන්ද සෞදියට ගොස් සෞදි රජය සමග සාකච්ඡා කළ බවයි. එමෙන්ම රජය පිළිගත් වන්දනා ගමනක් ලෙස පිළිගැනීමට ළක්නොවූ හින්දු බැතිමතුන් විසින් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ අයිඅප්පන් දෙවිඳුන් වැඳ ගැනීමට සහභාගී වන සබරිමලේ වන්දනා ගමන වසර පනහකට පසු ගැසට් පත්‍රයක් මඟින් ජාතික වන්දනා ගමනක් ලෙස හඳුන්වාදීමට හැකිවූ බව අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. පොත්ත පිටියේ සුජාත හිමි, පිළිමතලාව දේවධර්‍ම ශාස්ත්‍රාලයේ ලෙස්ලි දරිජු පියතුමන් හා දව්ලගල මාදින්නාගොඩ පල්ලියේ මාස් මවුලවිතුමා ආගමික පූජකයන් රැසක් සංහිඳියාවේ කතිකාවතට සහභාගී වූ අතර සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි, මහනුවර දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රිවරුන් ඊ.එම්. බස්නායක, රියාස් පාරුක්, යටිනුවර ප්‍රදේශීය ලේකම් ජයමිණි බෝගහවත්ත, යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති එරන්ද පිටියෙකුඹුර, උඩනුවර ප්‍රාදේශීය සභා සභාපති හසිත වීරසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Google AdSense

In-Article Ad