FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නාමල්ගේ ලේකම්ට දුන් නියෝගය

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින සංජය සමරසිංහ නමැත්තා ඊයේ (19) රාත්‍රියේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ අද (20) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය. අනතුරුව නාමල් රාජපක්ෂගේ ලේකම් සංජය සමරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් ද තහනම් කළේය.

Google AdSense

In-Article Ad