
අලුත් විඝණකාධිපතිවරයෙන් පිටතින්..?
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
විගණකාධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව රැස්වී තීරණයක් ගන්නා බවට කථානායකවරයා පසුගියදා (20) ප්රකාශ කළ ද, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් නිගමනයකට එළැඹීමට නොහැකි වී ඇති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සභාවට දැනුම් දුන්නේය. පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද ප්රකාශ කළේය. තවමත් විගණකාධිපතිවරයෙක් පත් කරලා නැහැ. මේ ප්රශ්නය ඊයේ කථානායකතුමාට ඉදිරිපත් කළ අවස්ථාවේදී පැවසුවේ ඊයේ දිනයේදීම ඒ පත්කිරීම සිදු කරන බවයි. නමුත් අපට දැනගන්නට ලැබී තිබෙනවා පෙරේදා දිනයේදී පිටස්තර පුද්ගලයෙකු ඒ සඳහා අයදුම්පතක් යොමු කර ඇති බවට. රාජ්ය විගණකාධිපති සේවයේ ජ්යෙෂ්ඨතම නිලධාරියා සිටියදී, දේශපාලන මැදිහත්වීමක් මත වෙනත් අයෙකු ගෙන ඒමට දරන උත්සාහය කුමක්දැයි අපට ආණ්ඩුවෙන් ප්රශ්න කරන්න සිදුවෙනවා. විගණකාධිපති කාර්යාලය කියන්නේ පූර්ණ ස්වාධීන ආයතනයක්. එම ස්වාධීනත්වයෙන් ජනතාව අපේක්ෂා කරන කාර්යභාරය ඒ අයුරින්ම ඉටු විය යුතුයි. පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් මම මේ කාරණය විශේෂයෙන්ම අවධාරණය කරනවා."
Google AdSense
In-Article Ad

