
බුද්ධ ශාසන සභාව රැස්වෙයි.. බන්ධනාගාර භික්ෂූන්ගේ සිවුර ගැන තීන්දුවක්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා, අමාත්යාංශ ලේකම් ප්රින්ස් සේනාධිර මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්.එම්.ජී සේනාරත්න මහතා ඇතුළු පිරිස මීට සහභාගී වූහ. බුද්ධ ශාසන සභාව රැස්වීමේ සුවිශේෂ කාරණාව බවට පත් වූයේ පූජ්ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධව සමාජය තුළ පැනනැගී තිබෙන කරුණු පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් යෝජනා ලබා ගැනීම සහ රජය වශයෙන් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කිරීමයි. ගරු ජනාධිපතිතුමා විසින් පත්කරනන ලද කමිටුවේ සභාපතිවරයා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය ලේකම් ප්රින්ස් සේනාධිර මහතා කමිටු යෝජනා පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන ලදි. පනතේ 356 සහ 550 වගන්ති සංශෝධනය කිරීම සඳහා ගෙන එන ලද යෝජනා පිළිබඳව පැහැදිලි කරන ලදී. විශේෂයෙන්ම බන්ධනාගාර ගත කරන ලද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත උසාවියට ඉදිරිපත් කරන අවස්ථාවක දී හෝ වෙනත් කටයුත්තක් සඳහා බැහැරට ගෙනයාමේ දීී චීවරය සහිතව ගෙනයාම පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයේ හෝ සංඝ සභාවේ නිර්දේශ මත ක්රියා කළ යුතු බවට වන යෝජනාව මහා සංඝරත්නයට ඉදිරිපත් කරන ලදි. එම කමිටු නිර්දේශය මහා සංඝරත්නයේ අනුමැතියට ලක් වූ අතර මෙම නීතිය ප්රායෝගිකව භාවිත කිරීම සම්බන්ධයෙන් ත්රෛනිකායික මහා සංඝරත්නය පාර්ශ්ව 31හෝ සංඝ සභාව, එකතු වී සාකච්ඡා කර සුදුසු පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව මහා සංඝරත්නයේ අදහස විය.
Google AdSense
In-Article Ad

