FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාන් මිල ඉහළට?

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් කෙටි ආහාරවල මිල සුළු වශයෙන් ඉහල දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර තිරිඟු පිටි මිල ඉහළ යාම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන්නේ ද යන්න පිළිබඳව තීරණය හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවා. එම සංගමයේ සභාපති එන් කේ ජයවර්‍ධන මහතාා පැවසුවේ සිය සංගමය නියෝජිතයින් අද රාත්‍රියේ රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. මේ අතර තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 13 දහතුනකින් ඉහළ දැමීමට අදාළ සංගම් තීරණය කර තිබෙනවා. .

Google AdSense

In-Article Ad