
පොහොට්ටුව එන සතියේ සිට ගමින් ගමට යනවා..- නාමල්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඔහු මේ බව ප්රකාශ කළේ අද දින පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්රී චානක මාදුගොඩ සමග පැවති සාකච්ඡාවකදීය. ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත් ඔවුන් මර්දනය තුලින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය. එම නිසා ගමින් ගමට ගොස් මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව දැනුවත් කරම ලෙසද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ආසන සංවිධායකවරුන් ගමින් ගමට රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය. මේ වන විට උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ගල් අඟුරු කන්ටේනර් හැකර් පැනීම පිළිබදව මෙන්ම මහා සංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Google AdSense
In-Article Ad

