
"මාධ්ය සංදර්ශන චීවරයට නොගැළපෙයි" - සමන්තභද්ර හිමියන්ට මල්වතු මහා නාහිමිගෙන් දැඩි අවවාද... මහා නාහිමි පාමුල වැඳ වැටී නැවතත් සමාව ගනී!
FM Heart · 1 min read
22 දින එනම් ඊයේ මහනුවර මල්වතු මහ විහාරයට කැඳවූ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් විසින් සමන්ත භද්ර හිමියන් දැඩි ලෙස අවවාද කර, විහාර පරිශ්රයෙන් පිටත් කර හැරීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත්, මෙම කැඳවීම හුදෙක් සාමාන්ය අවවාද කිරීමක් පමනක්ද, නැතහොත් මල්වතු පාර්ශ්වයේ දැඩි තීරණයකට පෙර පැමිණි අවසාන අනතුරු ඇඟවීමද යන්න පිළිබඳව මේ වන විට දැඩි මතභේදයක් නිර්මාණය වී තිබේ. මහ නාහිමියන්ගේ දැඩි කෝපයට හේතු වී ඇත්තේ සමන්ත භද්ර හිමියන් මෑතකදී සිදුකළ අතිශය ආන්දෝලනාත්මක හැසිරීම් සමුදායයි. මල්වතු මහ විහාරයට පැමිණි මොහොතේ පවා තමන් කිසියම් පැමිණිල්ලක් කිරීමට පැමිණි ආකාරයකින් මාධ්ය හමුවේ ප්රකාශ නිකුත් කිරීමට සමන්ත භද්ර හිමියන් උත්සාහ කළද, මහ නාහිමියන් එම හැසිරීම් සෘජුවම ප්රතික්ෂේප කරමින්, මෙවැනි "මාධ්ය සංදර්ශන චීවරයට කිසිසේත්ම නොගැළපෙන" බවට විහාරගෙය තුළදීම දැඩි ලෙස අවධාරණය කළහ.

