FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

සෑම වාහනයක්ම මාස තුනකට වරක් (අවුරුද්දට සිවු වරක්) යෝග්‍යතා සහතික ගැනීම අනිවාර්‍ය කරමින් අලුත් නීති..

FM Heart · 2 min read

The Heart Academy
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් මාර්‍ෂල් තුෂාර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, අදාළ යෝජනාව මේ වන විට මූලික සාකච්ඡා මට්ටමේ පවතින බවත්, එහි නෛතික පසුබිම සකස් කිරීම සඳහා නීති අංශය වෙත යොමු කර ඇති බවත්‍ය. සියලු කටයුතු සම්පාදනය වීමෙන් අනතුරුව ලබන වසර මුලදී මෙම නව නීතිය බලාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටියේය. දැනට වාර්‍ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ක්‍රියාත්මක වන වාහන දුම් සහතිකයට අමතරව මෙම ධාවන යෝග්‍යතා පරීක්ෂාව අනිවාර්‍ය අංගයක් ලෙස එක් කිරීමට නියමිතය. මෙම තාක්ෂණික පරීක්ෂාවන් සිදු කිරීම සඳහා සුදුසුකම්ලත් මෝටර් රථ අලුත්වැඩියා මධ්‍යස්ථාන වෙතින් මේ වන විටත් අයදුම්පත් කැඳවා ඇති අතර, නියමිත ප්‍රමිතීන්ට අනුකූල මධ්‍යස්ථාන ඒ සඳහා නිල වශයෙන් බලයලත් ආයතන ලෙස නම් කිරීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය. විෂයභාර අමාත්‍යවරයාගේ උපදේශකවරුන් විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පරිපාලනමය සහ නීතිමය ක්‍රියාමාර්‍ග මේ වන විට අදාළ බලධාරීන් විසින් කඩිනම් කර ඇත. පසුගියදා අකුරණ ප්‍රදේශයේදී සිදු වූ බරපතළ මාරක බස් රථ අනතුර ඇතුළු මෑතකාලීනව වාර්‍තා වූ රිය අනතුරු රැසකට වාහනවල පවතින කාර්‍මික දෝෂ හා ධාවන නුසුදුසුකම් ප්‍රධාන හේතුවක් වී ඇති බවට අනාවරණය විය. ඒ සමඟ මෙරට මහාමාර්‍ගවල ධාවනය වන රථවාහනවල යාන්ත්‍රික සුරක්ෂිතතාව පිළිබඳ දැඩි මහජන කතිකාවක් නිර්‍මාණය වූ අතර, මෙම නව නියාමනය ඒ සඳහා කඩිනම් විසඳුමක් ලෙස ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ක්‍රමවේදයේ අවසන් සැලැස්ම ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
99mobile