
සත්යග්රහයේ නිරත පිරිස අධිකරණ පරිශ්රයට
FM Heart · 1 min read
විහාර මහාදේවි උද්යානයේ සත්යග්රහයේ නිරත පූජ්ය උලපනේ සුමංගල හිමි, පූජ්ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයට පැමිණ තිබෙනවා. ඒ, එම උද්යානයේ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳීසිටීමෙන් වළකින්නැයි දන්වමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණ නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු වාර්තා කිරීමට බවයි වාර්තා වුණේ. සිර දඬුවම් නියමවී සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස සත්යග්රහයේ නිරත විහාරමහා දේවී උද්යානය වෙත පැමිණි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් ඊයේ එම පිරිසට අධිකරණ නියෝගයක් භාරදුන්නා. .

