
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තු වෙබ් අඩවිය හැකරුන් අල්ලයි...
FM Heart · 1 min read
කෙසේ වෙතත්, එල්ල වූ මෙම සයිබර් ප්‍රහාරය හේතුවෙන් නාරාහේන්පිට පිහිටි දෙපාර්‍තමේන්තු ප්‍රධාන කාර්‍යාලයේ සාමාන්‍ය මෙහෙයුම් කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවද දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු නාරාහේන්පිට ප්‍රධාන කාර්‍යාලයෙන් මහජනතාව වෙත සැපයෙන සියලුම සේවාවන් හෙට (සඳුදා) දිනයේදී කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්‍තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි. අක්‍රිය වූ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් මේ වන විටත් පියවර ගනිමින් සිටී.

