FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

දිවුලපිටියේ ග්‍රීන් ලිංක්ස් ලංකා බලපත්‍රය අත්හිටුවයි!

FM Heart · 2 min read

The Heart Academy
දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ පවත්වාගෙන යන N.S. Green Links Lanka (Pvt) Ltd සමාගමට අයත් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E-Waste) එකතු කිරීමේ හා ගබඩා කිරීමේ මධ්‍යස්ථානයේ පාරිසරික බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. පසුගිය 16 වැනිදා එම මධ්‍යස්ථානයේ ඇති වූ ගින්නෙන් අනතුරුව මෙම තීරණය ගත් බව පරිසර අමාත්‍ය ආචාර්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කර ඇත. ගින්න හේතුවෙන් වායු දූෂණය සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය හරහා පරිසරයට සිදුවිය හැකි දූෂණය වැළැක්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිර්‍දේශ මාලාවක් ද නිකුත් කර තිබේ. මෙම මධ්‍යස්ථානයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් මීට පෙර ද ප්‍රදේශවාසීන් දැඩි විරෝධයක් පළ කළහ. පසුගිය 15 වැනිදා පෙරවරු 11ට පමණ අංක 259, වැවගෙදර, දිවුලපිටිය ලිපිනයේ පිහිටි මෙම මධ්‍යස්ථානයේ ගින්න හටගෙන තිබූ අතර, එහි ගබඩා කර තිබූ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී තිබිණි. ගම්පහ සහ මීගමුව ගිනි නිවීමේ ඒකක මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබිණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බව පොලිසිය සඳහන් කර තිබිණි. ගින්නෙන් පසු පැවති විරෝධතාවේදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ ගින්නෙන් නිකුත් වූ දුමාරය හේතුවෙන් තමන්ට හුස්ම ගැනීමේ අපහසුතා සහ ශරීරයේ දැවිල්ල වැනි සෞඛ්‍ය ගැටලු ඇති වූ බවයි. එමෙන්ම ගින්න නිවීමට භාවිත කළ ජලය සමඟ බැර ලෝහ පසට එක්ව භූගත ජල
99mobile