
අමාත්‍ය අනිල් ජයන්ත වටකර උණුසුම් තත්වයක්..
FM Heart · 1 min read
විද්‍යාත්මක පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර ජනතාව නොමඟ යවන සුළු ප්‍රකාශ සිදු කර අනියත බියක් ඇති නොකරන ලෙස අමාත්‍යවරයා මෙහිදී පාර්ශ්වයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය. සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් දෙසීයක පමණ දුරින් පිහිටි නිවෙස්වලට පවා මෙම ගින්න නිසා ඇති වූ අළු සහ දුහුවිලි පතිත වී ඇති බවට චෝදනා කළ ප්‍රදේශවාසීන්, එම පරිශ්‍රයේ ඉතිරිව ඇති විෂ රසායනික ද්‍රව්‍ය වෙනත් ප්‍රදේශයකට ගෙන ගොස් බැහැර කිරීමෙන් තවත් පිරිසක් අනතුරේ හෙළීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියේය. තවද, ගින්න නිවීමට යෙදූ ජලය හරහා භූගත ජලයට හෝ අවට පරිසරයට රසායනික ද්‍රව්‍ය කාන්දු වී ඇත්දැයි ජනතාව තුළ දැඩි සැකයක් මතුව තිබිණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කළේ, ඕනෑම විශාල ගින්නක් මැඬපැවැත්වීමේදී ජලය යෙදීම සාමාන්‍ය ක්‍රමවේදය වන අතර, එවැනි අවස්ථාවක පදනම් විරහිතව කැඩ්මියම් හෝ වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය පොළොවට කාන්දු වී ඇතැයි පූර්ව නිගමනවලට නොඑළඹිය යුතු බවයි. නිල විද්‍යාත්මක වාර්තා ලැබීමට පෙර ගස්වල පලතුරු පවා ආහාරයට ගත නොහැකි බව පවසමින් ජනතාව භීතියට පත් කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි ආපදා තත්ත්වයකදී දේශපාලන වාසි නොසලකා සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළේය.

