FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

අපේ ආදායම ට්‍රිලියන හයක් වුනත් ට්‍රිලියන අටක් වියදමයක් යනවා...- මාලිමා මන්ත්‍රී

FM Heart · 6 min read

The Heart Academy
මෙහිදි වරඩි දුරටත් අදහස් දැක්වු මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ, “මේ වෙලාවේ දේශපාලන වශයෙන් බංකොළොත් එක කණ්ඩායමක් ඉන්නවා. එයාලා විටෙක ජාතිවාදය පාවිච්චි කරගන්නවා ආණ්ඩුවට එරෙහිව ගැම්මක් ගන්න පුළුවන්ද බලන්න. සමහර විට යම් යම් අර ඒ දේශපාලන මඩ ගොහොරුවේම ඉන්න වෘත්තිය සමිති නායකයෝ පාවිච්චි කරන්න යම් යම් උත්සාහයන් ගන්නවා මේක වට්ටන්න පුළුවන්ද කියලා රැල්ලක් හදන්න පුළුවන්ද කියලා බලන්න. තව විටක ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරගෙන ජාතිවාදි හැඩයෙන් එක එක අපි දැක්කා මෑත කාලේ තියෙන ප්‍රශ්න ටිකේ. එතකොට දැන් ඒ පරාජිත දේශපාලඥයන්ට යන එන මං නැති වෙච්ච අය අර අපේ අයවැයේ අඩුපාඩු හොයන්න හොඳට පටන් ගත්තා, මෙයාලා කලින් සැලසුම් කරන් හිටපු වැඩක් මේක. මේ අයවැයට ෂොට් එකක් දීලා ජනතාව අල්ලගන්න පුළුවන්ද බලන්න. එතකොට ඒකට අනුව අර අන්වීක්ෂ දාලාවගේ අයවැයේ තියන වැරදි හොය හොය වැටුප් කෑල්ල අරගෙන. වැටුප් ප්‍රශ්නෙත් පැහැදිලි ප්‍රශ්නයක් නේ. ඒක ඇත්ත ඒක යථාර්‍ථයක් ඒකට අපි පෙනී ඉන්නවා. අදත් ඉන්නවා. හෙටත් ඉන්නවා. වැටුප් කොමිශම හරහා විශමතා ඉවත් කරන්න ඔනි කියන එක. ඒකට කවුරුත් අපිට අමුතුවෙන් උපදෙස් දෙන්න අවශ්‍ය නැ. නමුත් එදා ඒවා නොකර විශ්‍රාම වැටුප් කපපු, වැටුප් වැඩි නොකර හිටපු, රාජ්‍ය සේවයට බදවා ගත්තේ නැතුව හිටපු කණ්ඩායම් තමයි දැන් මේ අර ඇත්ත ප්‍රශ්නෙට පීඩාවට පත් වෙච්ච අපේ වැඩ කරන කණ්ඩායම පාවිච්චි කරගෙන පොඩි ගේමකට බහින්න සූදානම් වෙලා ඉන්නේ. 2024 වෙනකොට බංකොලොත් වෙලා තිබුණ, අසාර්‍ථක වෙලා තිබුණ, හැම අතින්ම ජන ජීවිතය කඩා වැටුණු, ලෝකය ඉස්සරහා හෑල්ලුවට ලක් කෙරුණ රටක් අපි 2024 නොවැම්බර් මාසයේ ගන්නවා. අරගත්තට පස්සේ විශේෂයෙන්ම ජනාධිපතිතුමත්, මේ ආණ්ඩුවත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කිරිම වෙනුවෙන් ජතනාවට ඒ ජයග්‍රහණ අත්පත් කර දීම වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍යකාලීන, දීර්‍ඝ කාලීන වැඩ පිලිවෙළක් ඔස්සේ රට සංවර්‍ධනය පැත්තට අරගනිමින් වේගයෙන් කටයුතු කරමින් ඉන්නවා. දැනට එතකොට අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගත වෙලා තියනවා. මේ කාලසීමාවේ ආර්‍ථික ස්ථාවරත්වයක් හදාගෙන, ජාත්‍යන්තර පැත්තෙන් අපිට තිබුණ සියලුම බාධාවන් ඉවත් කරගෙන, ජාත්‍යන්තර සහයෝගිතාවය සහිතව විශ්වාසය දිනා ගනිමින්, අපි ඉදිරියට කටයුතු කරමින් යනවා. ඒත් එක්කම ජනතාවට මෙතෙක් නොවිසදිලා තිබුණ ජන ජීවිතයේ ප්‍රශ්න විසදීම සදහා සංවර්‍ධන ව්‍යාපෘති, ජාත්‍යන්තර වශයෙන් ඇනහිටලා තිබුණ ඒවාත් ග්‍රාමීය මට්ටමේ දීර්‍ඝ කාලයක් යන හැටිලා තිබුණු සංවර්‍ධන ව්‍යාපෘති වේගයෙන් ජනතාව වෙත ලං කරමින් එය ඔවුන්ට අදාළ ජීවිතය ලබා දෙන්න කටයුතු කරමින් ඉන්නවා, මේ මාස දෙක තුල. අපේ අවුරුද්දකට රු.ට්‍රිලියන හයක විතර ආදායමක් ලැබෙනවා. මේ රු.ට්‍රිලියන හයක් අපි ආදායම ගත්තට, අපිට රු.ට්‍රිලියන 8ක විතර වියදමක් යනවා. රටක් විදිහට ගත්තම. විශේෂයෙන්ම මේ පහුගිය කාලයේ අධූරදර්‍ශී පාලකයෝ අවුරුදු හැත්තෑ හයක් තිස්සේ අපේ බලයට ගන්න කොට මහා ණය කඳු ගොඩ ගහලා තිබුණා. මේ ණය කඳු වෙනුවෙන් පොලී වාරිකේ ගෙවා ගන්න බැරුව බංකොලොත් තැනකට පත්වෙලා තිබුණු රාජ්‍යයක ණය වාරික ගෙවන්න අපිට අවශ්‍යතාවය පැන නැගිලා තියනවා. ඒක ජාත්‍යන්තර අවශ්‍යතාවයක්. එතකොට මේ වෙන කොට අපි අවුරුදදකට පොලී වාරික ගෙවන ඉතිහාසයේ ගත්තු ණය කන්දේ පොලී වාරික ගෙවීමට රු.ට්‍රිලියන 2.5කට 3කට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙලා තියනවා. එතකොට රටේ ආදායම ට්‍රිලියන 6යි, වියදම ට්‍රිලියන 8යි, ඒ අතරින් ට්‍රිලියන 2.5යි-3ක් අපිට ගෙවන්න වෙලා තියනවා විදේශ වලින් ගත්තු ණය වල පොලී වාරික ගෙවන්න. ඊට අමතරව අපි දන්නවා අපේ රටේ මේ සියල්ල සාර්‍ථකව සිද්ධ කර ගැනීමට රාජ්‍ය සේවයක් අවශ්‍යයි. ලක්‍ෂ දාහහතරක් විතර ඉන්නවා පැන්ෂන් ගියපු අය. විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අයගේ මේ රට ශ්‍රී ලංකා රාජ්‍යය ඉදිරියට ගෙන යෑම සඳහා සංවර්‍ධන ව්‍යාපෘති සහ අනෙකුත් අනෙකුත් සියලු කටය කටයුතුවලට ඔවුන්ගේ සේවාවන් අවශයයි. ඔවුන් ජීවත් කරවීම සහ ඔවුන්ට අදාළ ගෙවීම් වෙනුවෙන් වැටුප් සහ විශ්‍රාම වැටුප් සහ මේ වැඩිවීම අපි දන්නවා ආණ්ඩුව විදිහටම මෑත කාලයේ රුපියල් කෝටි 33000ක වැටුප් වැඩිවීමේ වැඩීම ගෙවන්නත් එකතු වුණා, මේකට ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයක් යනවා ආසන්න වශයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ මේ විශ්‍රාම වැටුප් ගෙවන්න. එතනින් එහාට ගියාට පස්සේ රටක් කියන්නේ තව තියෙන ණය ගෙවලා රාජ්‍ය සේවයට ගෙවලා විතරක් මදි. අනිත් පැත්තෙන් ඉන්නවා රටේ තව දෙකොටි විසි ලක්ෂයක ජනතාවක් ජීවත් කරවන්න, ඔවුන්ගේ සුභසාධන කටයුතු අනෙකුත් කටයුතු වෙනුවෙනුත් රු.ට්‍රිලියන 1.5-2ත් ආසන්න ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක අනිවාර්‍ය එකක්. එතකොට ඒ ටික විතරක් මදි රටක් ඉහලට ගන්නවා කියන්නේ රටක ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අපි තව මේ සරලව කිව්වොත් අධිවේගී මාර්‍ග හදන්න ඕන, පාලම් හදන්න ඕන, පාරවල් ටික හදන්න ඕන එතකොට මේ වගේ කටයුතු වෙනුවෙන් ආණ්ඩුවට ට්‍රිලියන දෙහෙකට විතර මුදල් ප්‍රමාණයක් වැය කරන්න ඕනේ. එතකොට එහෙම රටක් සංවර්‍ධනය කරනවා කියන්නේම ප්‍රාග්ධන වියදම් ප්‍රමාණය වැඩි කරලා රටේ ආර්‍ථිකය ප්‍රසාරණය ගැන ක්‍රියාවලියකට යන්න ඕනේ. එතකොට ආණ්ඩුව වර්‍තමානයේ ඉතාමත් පැහැදිලි සැලැස්මක් ඇතුලේ මොකද දෙන්න පුළුවන් දේවල් හැමෝටම සාධාරණ දෙමින් ඉන්නවා. ණය ගෙවන එක සාධාරණයි. ඒක අතාරින්න බෑ අපිට එහෙම නැත්නම් නැවත අපි බංකොලොත් වෙනවා. .රජයේ සේවකයන්ට හොඳට අපිට සලකන්න ඕන එයාලගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා ඒක නිසා ප්‍රමාණවත් දේ දෙන්න ඕනේ, ඒකට වෙන් කරන්න ඕනේ, සාමාන්‍ය සමාජ ජනතාවට දෙන්න පුළුවන් දේවල් ටික දෙන්න ඕනේ. ඒ වගේමයි රට සංවර්‍ධනය කරන්නේ සාමාන්‍ය සමාජ ජනතාවට දෙන්න පුළුවන් දේවල් ටික දෙන්න ඕනේ. ඒ වගේමයි රට සංවර්‍ධනය කරන්න, ඉලක්ක සපුරා ගන්න, ප්‍රාග්ධන වියදම් දෙන්න ඕන. එතකොට ප්‍රාග්ධන වියදම් මෙන්න මේ සැලැස්ම ඇතුලේ යන්නේ ඉතා බාරධූර වගකීමක් ජනාධිපතිතුමා සහ ආණ්ඩුව අරගෙන. මොකද එහෙම කින්නේ සියලු වරප්‍රසාද දේශපාලඥයෝ කපාගෙන. අපි දේශපාලඥයෝ ලෙස කිසිවක් ජනතාවට වඩා කිසිම දෙයක් අරගෙන නෑ. වාහන අරගෙන නෑ. වාහන පර්‍මිට් අරගෙන නෑ. විශ්‍රාම වැටුප් අරන් නැහැ. එතකොට වෙනත් ඔබ දන්නවා බජට් එකක් එනකොට වෙනද ඉස්සෙල්ලාම වැඩි කරගන්නේ කවුද? දේශපාලඥයෝ. ජනතාවට දෙන්නේ කන් හැන්දේන්. දැන් මේ වෙනකොට දේශපාලඥයෝ කන් හැඳින්වත් බෙදාගෙන නෙමෙයි. ජනතාවට දෙන්න පුළුවන් ප්‍රමාණය දෙනවා. අපි දන්නවා එතකොට ගැටළු මේ රටේ තියනවා. මේ ගැටළු විසදන්න කෙටිකාලීන දීර්‍ඝ කාලීන වැඩ පිලිවෙළක් ඔස්සේ අපිට යන්න තියනවා. මේ රට හදන්න. දැන් ඔබ තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම අපේ මේ නුවරඑළිය ජනතාවට මම කියන්නේ අපේ දිස්ත්‍රික්කය කොයිතරම් නම් ප්‍රශ්න කන්දක් තියනවාද? අපිට දිට්වා බලපෑමක් ආවා. දිට්ටාවලදී අපේ වෙච්ච අලාභය ගත්තොත් RDA එකට විතරක්, මට අනිත් ඒවා තාම කියාගන්න ගණනය කරගන්න බෑ. RDA වෙච්ච විනාශය විතරක් 108 තැනක ගිලා බැහීම්, නාය යෑම්, කඩා වැටීම් බිඳවැටී මේ ඔක්කොම වෙලා තියෙනවා. මේකට දළ වශයෙන් ඇස්තමේන්තු හදලා තියෙනවා තියෙනවා රු.බිලියන 65ක්. ඒ කියන්නේ මිලියන 65,000ක්. මිලියන 65000ක අලාභයක් නුවරඑළිය දිස්ත්‍රික්කයට වෙලා තියනවා. එතකොට මේ වෙනකොට 2026 මෙ දිට්වා ප්‍රොජෙක්ට් වෙනුවෙන් RDA එකට විතරක් අපි දීලා තියෙනවා, මේන්න මේ බිඳ වැටුණු ටික මේ අවුරුද්ද ඇතුළට කරන්න පුළුවන් ප්‍රධාන ප්‍රොජෙක්ටික වෙනුවෙන් රු.මිලියන 30000කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ බිලියන 30කට වැඩි ප්‍රමාණයක් දැනට මේ සංවර්‍ධන කටයුතුවලට යොදලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ මාර්‍ගවල යනකොට හැම පාරකම පැති බැමි ටික හැදෙනවා, පාර කානු ටික හැදෙනවා, නායගියපු තැන පැති බැමි දමමින් නැවත පාර කාපට් කරන්න සියලු දේ කරමින් ඉන්නවා.” යනුවෙන් පැවසිය. මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් පාර්‍ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්නන් කලෙයිසෙල්වි මෙනවිය සහ හැටන් දික්ඔය නගර සභාවේ සභෘපති අසෝක කරුණාරත්න මහතා එක් විය.
99mobile