
යුද්ධයෙන් මිය ගිය අය සිහි කෙරෙන උත්සවවලට යන්න පක්ෂ සාමාජිකයින්ට අවසර දීල තියෙන්නෙ..- මාලිමා මහ ලේකම්
FM Heart · 2 min read
එම පුවත්පත වෙත අදහස් දක්වමින් අබේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සැමරීම සඳහා විශේෂයෙන් සංවිධානය කෙරෙන උත්සවවලට සහභාගී නොවන ලෙස පක්ෂ සාමාජිකයින්ට උපදෙස් දී තිබුණ ද, ඔවුන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කිරීමේ උත්සවවලට සහභාගී වීමට අවසර දී ඇති බවයි. “එම කාලසීමාව තුළ දිවි අහිමි වූ තම ඥාතීන් සිහිපත් කිරීම සඳහා මෙවැනි උත්සවවලට සහභාගී වීමට අපි මානුෂීය පදනමින් අපගේ පක්ෂ සාමාජිකයින්ට අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත්, එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සැමරීම සඳහා සංවිධානය කරන උත්සවවලට සහභාගී නොවන ලෙස අපි ඔවුන්ට පැහැදිලිවම උපදෙස් දී තිබෙනවා,” යනුවෙන් ඔහු පවසා ඇත. එම ප්‍රාදේශීය සභා උත්සවයට ජාතික ජන බලවේගයේ සාමාජිකයින් කිසිවෙකු සහභාගී වූයේ දැයි විමසූ විට එය තහවුරු කළ අබේසිංහ මහතා, එම උත්සවය එම කාලය තුළ දිවි අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් පවත්වන පොදු සැමරුමක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බව පැහැදිලි කර තිබේ. චාවකච්චේරි ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ආරම්භ වීමට පෙර මියගිය දෙමළ සටන්කරුවන්ට ගෞරව දැක්වීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ද සෙසු මන්ත්‍රීවරුන් සමඟ එක් වූ බවට පළ වූ වාර්‍තා හමුවේ ඔහු මෙම අදහස් පළ කර ඇත. වාර්‍තාවලට අනුව, ප්‍රාදේශීය සභා සභාපති පොන්නයියා කුගදාසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මෙම උපහාර දැක්වීම සිදු කර ඇති අතර, සටන්කරුවන් ලෙස කටයුතු කළ සිය සහෝදරයන් දෙදෙනෙකු අහිමි වූ කලෛවානි නිරන්තන් මන්ත්‍රීවරිය විසින් සැමරුම් පහන දල්වා තිබේ. ශ්‍රී ලංකා නීතිය යටතේ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් වන අතර එහි සංකේත, නිල ඇඳුම් හෝ ඡායාරූප ප්‍රදර්‍ශනය කිරීම මෙන්ම එම සංවිධානය හෝ බෙදුම්වාදය ප්‍රවර්‍ධනය කිරීම ද මෙරට තුළ සීමා කර ඇත. කෙසේ වෙතත්, පුද්ගලයන්ට සිය මියගිය ඥාතීන් වෙනුවෙන් ශෝක වීමට හෝ ඔවුන් සිහිපත් කිරීමට සහ සාමකාමී සැමරුම් උත්සව පැවැත්වීමට අවසර ඇති බව රජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි එම වාර්‍තාවේ දැක්වේ.

