FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී T 47 උස පැනීම පිරිමි ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ඔ 47 උස පැනීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මොහොමඩ් සෆ්‍රාන් සමත් වුණා. ඒ, අඩි 6යි අගල් 55ක දක්ෂතාවක් දක්වමින්. මෙම ඉසව්වේ 4වන සහ 5වන ස්ථාන දිනා ගත්තේ ද ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්වීම විශේෂත්වයක් වනවා. සල්මාන් යූසුෆ් අඩි 6යි අගල් 40ක දක්ෂතාවක් දක්වමින් 4වන ස්ථානය දිනා ගත්තා. 5වන ස්ථානය දිනාගත්තේ අඩි 6යි අගල් 11ක දක්ෂතාවක් දැක්වූ බුද්ධික දංගල්ලයි. මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දීය ක්‍රීඩක නිශාද් කුමාර් සමත් වුණා. රිදී පදක්කම දිනා ගත්තේ උස්බෙකිස්ථාන ක්‍රීඩක ඕමාබ්ඩෙක් කෂ්නෝව් විසින්. ආසියානු පැරා ක්‍රීඩා උළෙල ජපානේ අයිචි නගෝයාහිදී පැවැත්වෙනවා. .

Google AdSense

In-Article Ad