FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

නාමල් හිරකලොත් ලිමිණි දේශපාලනයට... ආසන 200ක් අරන් බලය ගන්නෙ - අර්‍චුනා

FM Heart · 2 min read

The Heart Academy
පාර්‍ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් ලබාදීම පිළිබඳව විරෝධයක් නොමැති වුවද, ඔහුව දේශපාලන පළිගැනීමක් ලෙස සිරගත කිරීමට උත්සාහ කළහොත් ඔහුගේ බිරිඳ දේශපාලනයට පිවිස ඉදිරියේදී ආණ්ඩු බලය ලබාගැනීමේ අවදානමක් පවතින බව ස්වාධීන පාර්‍ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්‍චුනා රාමනාදන් මහතා ප්‍රකාශ කළේය. පාර්‍ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ආණ්ඩු පක්ෂයේ ඇතැම් ප්‍රධානීන් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්‍ශනය නොවීම පිළිබඳව ද ප්‍රශ්න කිරීමක් මතු කළේය. ගල්අඟුරු ටෙන්ඩර් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඇති චෝදනා මෙන්ම බහාලුම් 323ක් සම්බන්ධයෙන් කියැවෙන සිදුවීම් පිළිබඳව ද නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බව ඔහු සඳහන් කළේය. එහිදී පාර්‍ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අර්‍චුනා රාමනාදන් මහතා, "නාමල් රාජපක්ෂ හොරකම් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දෙන්න ඕනේ, ඒකට මගේ කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිත් පැත්තෙන් ගල්අඟුරු ගෙනාපු කුමාර ජයකොඩිටත් නඩු දාලා හිරේ දාන්න ඕනේ. ඒ වගේම බිමල් රත්නායකගේ කන්ටේනර් 323 ගැනත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙක් එක දවසක් ලොරියක් පාරේ නතර කරලා තිබ්බත් හිරේ දානවා. හැබැයි මේවාට කිසිම පියවරක් නෑ. නාමල්ව විතරක් හිරේ දාලා සතුටු වෙන්න හදනවා නම් ඒකෙන් වෙන්නේ එයාගේ බිරිඳ දේශපාලනයට එන එකයි. එහෙම වුණොත් මිනිස්සු නැවත හැරිලා ඡන්දය දීලා 159ක් නෙවෙයි ආසන 200ක් දීලා ආණ්ඩුවක් හදයි." ආණ්ඩු පක්ෂයේ ඇතැම් මැතිඇමතිවරුන්ගේ හැසිරීම් රටාව සහ පාර්‍ලිමේන්තු කාර්‍යභාරය ද දැඩි උපහාසාත්මක විවේචනයකට ලක්කළ මන්ත්‍රීවරයා, රටේ සැබෑ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත්, පටු දේශපාලන පළිගැනීම්වලින් බැහැරව සැමට සමාන නීතියක් ක්‍රියාත්මක කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටියේය.
99mobile