
කොලොන්නාව තෙල් නළ මත පදිංචිකරුවන් ඉවත් කරයි...
FM Heart · 2 min read
මෙහිදී ඉදිකර ඇති නිවාස, ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් අප මෙහි දී නිරීක්ෂණය කල අතර කුරුණියාවත්ත සහ දහම්පුර ග්‍රාම නිලධාරි වසම්වල නිවාස 80 ක් ඒකාබද්ධ නිලධාරි කණ්ඩායමේ පරීක්ෂාවන්ට ලක් කෙරුනි. එහිදී අවදානම් සහ අනාරක්ෂිත ලෙස හඳුනාගත් නිවාස 37 ක් ඉවත් කිරීම සුදුසු බව යෝජනා වූ අතර, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ එම ඉවත් කිරීම් සිදු කිරීමට නියමිතයි..! මෙම ඉවත්කරන නිවාස හිමියන්ට හේනමුල්ල, ‘හෙලමුතු සෙවණ’ නිවාස සංකීර්‍ණයෙන් නව නිවාස ඒකක ලබාදීමට සැලසුම් කර තිබේ. කොලොන්නාවේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ‘නිමාව’ පර්‍යන්තය වෙත ඉන්ධන රැගෙන එන සැපයුම් නල පද්ධති මාර්‍ගය මීතොටමුල්ල හරහා ස්ථාපිත කර ඇති අතර, එම නල මාර්‍ගය මගින් සපුගස්කන්ද, කැලණිය, ගෝනවල, කැලණිමුල්ල, වෙන්නවත්ත, මීතොටමුල්ල හරහා කොලොන්නාව ‘නිමාව’ පර්‍යන්තයට ඉන්ධන සැපයේ. කිලෝමීටර් 8.5 ක දුර නල මාර්‍ග පද්ධතිය, වසර 50 කට අධික කාලයකින් විධිමත්, පූර්‍ණ ප්‍රතිසංස්කරණයට ලක්කර නොමැති අතර, නිසි මෙහෙයුම් සැලසුමක් නොතිබීම හේතුවෙන් පසුගිය දශක ගණනාවක් පුරා නිවාස ඇතුළු අනවසර ඉදිකිරීම් රැසක් නල මාර්‍ග පද්ධතිය මත හා ඒ ආශ්‍රිතව ඉදිකර ඇත ඉන්ධන නල මත ඉදිකර ඇති නිවාසවල පදිංචි ජනතාවගේ ජීවිතාරක්ෂාව ප්‍රමුඛව සලකා අත්‍යවශ්‍යව පවතින නල පද්ධතිය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදුකිරීමටත් ප්‍රදේශයේ සංවර්‍ධන කටයුතු පහසු කිරීමත් ඉලක්ක කර ගනිමින් මෙම ඉවත් කිරීම් ක්‍රියාවලිය සිදු කෙරෙයි. ප්‍රවාහන, මහාමාර්‍ග සහ නාගරික සංවර්‍ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ මූලිකත්වයෙන් නාගරික සංවර්‍ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්‍ධනය කිරීමේ සංස්ථාව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, පලාත් පාලන ආයතනවල ඒකාබද්ධ සැලසුම්කරණය අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි

