FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

2027 විසර්‍ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ.. එන වසරේ වියදම රුපියල් බිලියන 4,992ක්, ණය ගැනීමේ සීමාව රුපියල් ට්‍රිලියන 3.8ක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අදාළ ගැසට් නිවේදනයට අනුව, 2027 ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ රජයේ සේවා වියදම් වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති මුළු මුදල රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අටදහසකි (රු. 4,992,773,338,000). මෙම සමස්ත සේවා වියදම් අතුරින් රුපියල් බිලියන 3,240 කට අධික මුදලක් (රු. 3,240,242,388,000) පුනරාවර්‍තන වියදම් ලෙස වෙන් කර ඇති අතර, සංවර්‍ධන හා ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් වන මූලධන වියදම් ලෙස රුපියල් බිලියන 1,752 කට අධික මුදලක් (රු. 1,752,531,000,000) වෙන් කර ඇත. 2027 මුදල් වර්‍ෂය තුළ ආණ්ඩුව වෙනුවෙන් මෙරටින් හෝ විදේශයන්ගෙන් ලබාගත හැකි උපරිම ණය මුදලේ ශේෂය රුපියල් තුන්දහස් අටසිය බිලියනයක් (රුපියල් ට්‍රිලියන 3.8 ක්) නොඉක්මවිය යුතු බවට මෙම පනත් කෙටුම්පත මඟින් සීමා පනවා ඇත. මීට අමතරව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රාජ්‍ය ණය කළමනාකරණ පනත ඇතුළු විවිධ නීති මඟින් ඒකාබද්ධ අරමුදලට සෘජුවම වැය බරක් වන පරිදි ප්‍රතිපාදන සලසා ඇති ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 4,927 කි (රු. 4,927,229,612,000). මෙහිදී රාජ්‍ය ණය හා පොලී ගෙවීම් ආවරණය වන භාණ්ඩාගාර මෙහෙයුම් සඳහා රුපියල් බිලියන 4,845 ක් සහ විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා රුපියල් බිලියන 82 ක් සෘජුවම වෙන් කර තිබේ.

Google AdSense

In-Article Ad