
අත්‍යවශ්‍ය ඖෂධ 33ක් හිගයි..- සෞඛ්‍ය ඇමති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සමගි ජන බලවේගයේ පාර්‍ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රෝහල්වල දෛනික ප්‍රතිකාර කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ වර්‍ග 886 කින් යුත් විශේෂ ප්‍රමුඛතා ලේඛනයක් හඳුන්වා දී ඇති බව ද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය. අත්‍යවශ්‍ය ඖෂධ ලෙස වර්‍ගීකරණය කර ඇති ඖෂධ වර්‍ග 618 න් වර්‍ග 585 ක්ම මේ වන විටත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන සතුව පවතින බව පැවසූ අමාත්‍යවරයා, හිඟව පවතින සෙසු ඖෂධවල බලපෑම අවම කිරීම සඳහා දේශීය වශයෙන් ඖෂධ මිලදී ගැනීමට රජය අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බව ද පැහැදිලි කළේය. පවතින ඖෂධ හිඟය කඩිනමින් විසඳීමට රජය අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පාර්‍ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් සහතික විය.
Google AdSense
In-Article Ad

