
මහබැංකු බැඳුම්කර වංචාවට සහ කොටස් වෙළඳපොළ මගඩියකටත් නිමල් පෙරේරාගේ සම්බන්ධයක් ඇති බව හෙළිවේ!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එයාර්‍බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂට මුදල් ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටින නිමල් පෙරේරාට එරෙහිව, මහ බැංකු බැඳුම්කර වංචාව සහ කොටස් වෙළඳපොළේ සිදුවූවා යැයි කියන ඇතුළත තොරතුරු මත පදනම් වූ නීතිවිරෝධී ගනුදෙනු (Insider Trading) සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු බව ‘පුරවැසි පවුර එකමුතුව’ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සංජීව වීරවික්‍රම පවසයි. සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා (SEC) 2022 වාර්‍ෂික වාර්‍තාවේ පැහැදිලිවම සඳහන් වන්නේ ආයෝජකයකු සහ කොටස් වෙළඳපොළ වෙළෙන්දකු ලෙස නිමල් පෙරේරා ඇතුළත තොරතුරු මත පදනම්ව ගනුදෙනු කර ඇති අතර එමඟින් 12 වැනි රීතිය උල්ලංඝනය කර ඇති බව යැයි නීතිඥවරයා පැවසීය. මෙම සිද්ධියට අදාළව පෙරේරාට රුපියල් මිලියන 6.6 ක දඩයක් නියම කළ බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීම සඳහා එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරන ලද තිදෙනෙකුගෙන් යුත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නිමල් පෙරේරා සහ ඔහුගේ සමාගම සේවක අර්‍ථසාධක අරමුදල (EPF) සමඟ සිදුකර ඇති භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු පිළිබඳව විස්තීර්‍ණ පරීක්ෂණයක් පවත්වන ලෙස නිර්‍දේශ කර තිබූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම කරුණු මඟින් පෙන්නුම් කරන්නේ නිමල් පෙරේරාට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ද නීතිමය පියවර ගත යුතු බව යැයි නීතිඥවරයා අවධාරණය කළේය.
Google AdSense
In-Article Ad

