FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඉන්ධනවලින් පාඩු කතාව බොරුවක්… 414ට විකුණන්නේ 292 පෙට්‍රල්… 392ට විකුණන්නේ 350 ඩීසල්….! – හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී…

FM Heart · 2 min read

The Heart Academy
ලෝක වෙළඳපොළේ පවතින මිලට වඩා අධික මිලකට ආණ්ඩුව ජනතාවට ඉන්ධන අලෙවි කරන බවට හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක චෝදනා කරයි. ඔහු පෙන්වා දෙන්නේ සිංගප්පූරු වරායෙන් රු. 292කට ආනයනය කරන පෙට්‍රල් ලීටරයක් ලංකාවේ රු. 414කට අලෙවි කරන බවයි. සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පහත දැක්වෙන සටහන තබමින් පාඨලි චම්පික මේ බව ප්‍රකාශ කරයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල සහ ලංකාවේ ඇත්ත තත්ත්වය! (1$ = රු. 330/= ලෙස ගණනය කළ විට සිංගප්පූරු වරායෙන් ආනයනික (FOB) මිල සහ ලංකාවේ දැනට පවතින වෙළඳපොළ මිල අතර සංසන්දනය) 2026.10.02 දින වන විට ලීටරයක ආනයනික මිල සහ ලංකාවේ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ. පෙට්‍රල් 92: ආනයනික මිල: රු. 292 (බැරලය $141) ලංකාවේ මිල: රු. 414 පෙට්‍රල් 95: ආනයනික මිල: රු. 305 (බැරලය $147) ලංකාවේ මිල: රු. 475 ඔටෝ ඩීසල්: ආනයනික මිල: රු. 350 (බැරලය $169) ලංකාවේ මිල: රු. 392 සුපර් ඩීසල්: ආනයනික මිල: රු. 367 (බැරලය $177) ලංකාවේ මිල: රු. 528 බොරතෙල් (Crude Oil): ආනයනික මිල: රු. 213 (බැරලය $103) මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, බස් හිමියන් ඇතුළු සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිස ඉන්ධන මිල සූත්‍රය (මිල හැදෙන හැටි) වහාම රටට හෙළි කරන්න! එසේම, රු. 210 ට විදුලිබල මණ්ඩලයට දැවි තෙල් විකිණීමෙන් ලබන අධික ලාභය පිළිබඳවද ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කළ යුතුය!
99mobile