FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ඩඩ්ලිගේ හෝටලය කිලෝ 500ක නත්තල් කේක් ගෙඩියක් හදයි..

FM Heart · 3 min read

The Heart Academy
නුවරඑළිය අරලිය හෝටල් සමුහයට අයත් නුවරඑළිය නගරයේ පිහිටි හෝටල් 3නම එක්ව එළඹෙන නත්තල් උත්සවයට නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට පිලිගැන්වීම සදහා කිලෝ ග්‍රැම් 500ක නත්තල් කේක් මිශ්‍රණය නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රයේදි (23) දින සිදු කරනු ලැබූහ. නුවරඑළිය අරලිය ග්‍රීන් හීල්ස්, නුවරඑළිය අරලිය ග්‍රීන් සිටි සහ නුවරඑළිය අරලිය රෙඩ් යන සංචාරක හෝටල් 3 පාලන අධිකාරිය, කාර්‍ය මණ්ඩලය සහ සූපවේදින් එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි. නුවරඑළිය අරලිය හෝටල් 3ම සිට කේක් මිශ්‍රණය රැගත් අලංකාරවත් විචිත්‍රත් පෙළපාලියකින් කේක් මිශ්‍රණය රැගෙන විත් නුවරඑළිය ග්‍රෙගරිවැව පරිශ්‍රයේදි කේක් මිශ්‍රණය සිදු කරනු ලැබීය. මෙම කේක් මිශ්‍රණය කිරිම සදහා දෙස් විදෙස් සංචාරකයන්, ආරක්ෂක අංශ නිළධාරින් ඇතුලු විශාල පිරිසක් එක් වූ අතර, මෙම කේක් ගෙඩිය 2026 දෙසැම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රීයේ සංචාරකයන්ට රස බැලීමට අවස්ථාව ලබා දෙන බවයි අරලිය හෝටල් සමුහයේ සාමාන්‍යාධිකාරි දිනේෂ් ලොකුයද්දිගේ මහතා කියා සිටියහ. මෙම කේක් මිශ්‍රණයට බ්‍රැන්ඩි බෝතල් 18ක්, වයින් බෝතල් 10ක්, කජු, ආමන්ඩ්, සුල්තානා, රෙඩ් චෙරි, ග්‍රීන් චෙරි, ඩ්‍රයි අප්‍රිකෝ, රට ඉදි, ජන්ජර් ප්‍රසව් ඇතුලු කේක් නිෂ්පාදනය සදහා භාවිතා කරන අධික මිල ඇති ද්‍රව්‍යන් 25ක් යොදා ගත් බවයි අරලිය හෝටල් සමූහයේ ප්‍රධාන සූපවේදි සංජුව ප්‍රේමතුංග මහතා කියා සිටියේ. - රංජිත් රාජපක්ෂ Hotels in Nuwara Eliya Prepare for Christmas Festivities with Massive Cake Mixing Event In a festive spirit leading up to Christmas, three hotels belonging to the Araliya Group in Nuwara Eliya came together for a grand cake mixing ceremony. The event, which took place on October 23, was hosted at the Gregory Lake premises, welcoming both local residents and international tourists. Araliya Green Hills, Araliya Green City, and Araliya Red, the three participating hotels, organized the celebration with the collaboration of management, staff, and renowned chefs. The event featured an impressive display of ingredients, showcasing the collaborative efforts of the hotels. Guests witnessed the mixing of the ingredients as the hotels paraded the collection in a festive procession at the Gregory Lake area. This gathering drew a large crowd, including tourists and members of the security services, creating an atmosphere filled with excitement and anticipation. According to Dinesh Lokuyadde, the General Manager of the Araliya Hotels Group, the finalized cake will be made available for tasting on the evening of December 24, 2026, allowing visitors to savor the festive creation. The exclusive cake mixture incorporated 25 premium ingredients, including 18 bottles of brandy, 10 bottles of wine, cashews, almonds, sultanas, red cherries, green cherries, and dry apricots, among others, highlighting the luxurious elements used in its preparation, as noted by the head chef, Sanju Premathunga. - Ranjith Rajapaksha *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
99mobile