
බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය අද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
FM Heart · 2 min read
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද දිවයිනේ නිරිත දිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ හිමන්ත රන්දික මහතා පැවසුවේ. “එම පද්ධතිය ඒ බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වෙලා ඔක්තෝබර් 25 වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් තියෙනවා . මේ පද්ධතියේ ඍජු බලපෑමක් ශ්රී ලංකාවට නැති වුණත්, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ අපේක්ෂා කරන්න පුළුවන් . බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා . සමහර ප්රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවෙන්න පුළුවන් . ගිගුරුම් සහිත වැසි සමග ඇතිවෙන්න පුළුවන් තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්ය පියවර ගන්න කියලා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා .” .

