
ලංකාවෙ බල්ලො ලක්ෂ 32ක් ඉන්නවා..- නි. ඇමති නාමල් ... බල්ලො ලක්ෂ දෙකයි ඉන්නේ - ඇමති ක්රිෂාන්ත අබේසේන..
FM Heart · 1 min read
පාර්ලිමේන්තුව අමතමින් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා ප්රකාශ කළේ, මෙරට වත්මන් සුනඛ ගහනය ලක්ෂ 32කට (මිලියන 3.2කට) ආසන්න බවත්, එම ප්රමාණය සැබවින්ම ඉතා අධික අගයක් බවත්ය. සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදයක් දැනටමත් පවතින බවත් ඊට යම් ගාස්තුවක් අය කෙරෙන බවත් පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, සතුන් මහමග අත්හැර දමන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඩ මුදල් පැනවිය යුතු බව අවධාරණය කළේය. විශේෂයෙන්ම පන්සල්, පල්ලි, දුම්රිය ස්ථාන සහ බස් නැවතුම්පොළවල් ආශ්රිතව සුනඛයන් සහ බලු පැටවුන් ගෙනැවිත් අතහැර දමා යන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට අනිවාර්යයෙන්ම දඩ ගැසිය යුතු බව හෙතෙම සභාව හමුවේ පැවසීය. කෙසේ වෙතත්, ඊට වෙනස් අදහසක් ඉදිරිපත් කළ අමාත්ය වෛද්ය ක්රිෂාන්ත අබේසේන මහතා සභාව අමතමින් කියා සිටියේ මෙරට සිටින සමස්ත සුනඛ ගහනය ලක්ෂ දෙකක් (200,000ක්) පමණ වන බවයි. රට තුළ සිටින්නේ එවැනි සුනඛ ජනගහනයක් බවත්, එම තත්ත්වය පාලනය කළ යුතු බවත් අමාත්යවරයා මෙහිදී සඳහන් කළේය.

