FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහර රැදවියන් කිහිප දෙනෙකු මරුට.. තුවාලකරුවන් රැසක්.. රැදවියන්ට වෙඩි තියනවා..- CPRP

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එම කමිටුව විසින් නිකුත් කරන ලද හදිසි නිවේදනයකට අනුව, බන්ධනාගාර නිලධාරීන් විසින් රැඳවියන්ට වෙඩි තැබීම් සිදුකරන බවත්, එහිදී තුවාල ලැබූවන්ට උපකාර කිරීමට ඉදිරිපත් වන අනෙකුත් රැඳවියන්ව වැළැක්වීමට නිලධාරීන් කටයුතු කරන බවත් මෙම තත්ත්වය ඉතා බරපතළ මෙන්ම මානුෂීය වශයෙන් බියකරු වාතාවරණයක් බව එම සංවිධානය අවධාරණය කරයි. පවතින තත්ත්වය පාලනය කිරීම සහ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට එම පරිශ්‍රයට ඇතුළු වීමට නීත්‍යානුකූල බලය පවතින බැවින්, කිසිදු ප්‍රමාදයකින් තොරව මානව හිමිකම් කොමිසමේ කණ්ඩායමක් මහර බන්ධනාගාරය වෙත පිටත් කර හරින ලෙස එම කමිටුව ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ බන්ධනාගාර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් චන්දන ඒකනායක මහතා ද දැනුවත් කිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පියවර ගෙන ඇත. බන්ධනාගාරය තුළ විනිවිදභාවය තහවුරු කිරීමටත්, රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් වහාම මැදිහත් වන ලෙස එම සංවිධානය අදාළ සියලු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Google AdSense

In-Article Ad