FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහර බන්ධනාගාරයේ ගින්නක්.. රැදවියෙක් මරුට.. හතක් රෝහලේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බන්ධනාගාරය තුළ ඇති වූ මෙම ගැටුම්කාරී වාතාවරණයත් සමඟ තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු කඩිනමින් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටි එක් රැඳවියෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ. මෙම නොසන්සුන්තාවය අතරතුර බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් ද හටගෙන ඇත. තත්ත්වය තවදුරටත් පාලනය කිරීම සහ බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටත ආරක්ෂක රාජකාරි සඳහා වහාම කැඳවීමට බලධාරීන් පියවර ගෙන ඇත. මේ වන විටත් තුවාල ලැබූ තවත් රැඳවියන් සිව්දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

Google AdSense

In-Article Ad