FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බිත්තර මුදලාලිලාට වසන්තය එයි.. එකක් රුපියල් පනහයි..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඇතැම් ප්‍රදේශවල සිල්ලර වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට බිත්තරයක් රුපියල් 48ත් 50ත් අතර ඉහළ මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති. වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට විශාල ප්‍රමාණයේ බිත්තර සොයා ගැනීම පවා දුෂ්කර වී ඇති බවයි. ඒ අනුව, කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 48කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 50කටත් අලෙවි කෙරේ. මෙම මිල ඉහළ යාම හේතුවෙන් කුඩා දරුවන් සිටින පවුල්වලට දෛනිකව බිත්තර කිහිපයක් මිලදී ගැනීමේදී පෙරට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුව ඇත. බිත්තර මිල ඉහළ යාම පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහනට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. රජයේ පෝෂණ වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ලබා දෙන උදෑසන ආහාර වේල සඳහා සතියකට එක් දිනක් (අඟහරුවාදා) අනිවාර්යයෙන්ම බිත්තරයක් ලබා දිය යුතුය. කෙසේ වෙතත්, පවතින ඉහළ මිල හමුවේ එම ආහාර වේල සැපයීම දුෂ්කර වී ඇති බව ආහාර සැපයුම්කරුවෝ පවසති. Rising Egg Prices Strain Families and School Programs in Sri Lanka Egg prices in several regions have surged dramatically, with reports indicating that a single egg is now being sold for between 48 to 50 Rupees. Consumers are expressing concern over the steep increases in this essential food item. Market sources reveal that locating significant quantities of eggs has become increasingly challenging, complicating the purchasing process for many households. Currently, small-sized eggs are selling for around 48 Rupees, while regular-sized eggs are priced at 50 Rupees. This rise in costs is forcing families with small children to spend more than before to buy even a few eggs on a daily basis. The escalation in egg prices is also severely impacting nutrition programs for school children. Under the government’s nutrition initiative, schools are mandated to provide one egg each Tuesday as part of the midday meal. However, suppliers report that fulfilling this requirement has become difficult due to the prevailing high prices. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad