FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

කරන්නාගොඩට, යෝෂිතට එරෙහි මහාධිකරණයේ අධි චෝදනා..

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (31) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරන ලදී. නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බඳවා ගැනීම සහ නියමිත පරිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව සඳහා ඔහු යොමු කිරීම හරහා රජයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා අටක් යටතේ මෙම නඩුව පවරා ඇත. මෙහි පළමු විත්තිකරු ලෙස වසන්ත කරන්නාගොඩ මහතා ද, දෙවන විත්තිකරු ලෙස යෝෂිත රාජපක්ෂ මහතා ද නම් කර තිබේ. මෙම නඩුවට අදාළව සාක්ෂිකරුවන් 25 දෙනෙකුගේ නම් සහ සාක්ෂි ලේඛන 47ක් අල්ලස් කොමිසම විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත. අල්ලස් පනතේ දූෂණය යන වරද සිදු කිරීම සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා ගොනු කර තිබේ. මීට පෙර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, 2006 සැප්තැම්බර් 01 වැනිදා සිට 2007 ජූනි 08 වැනිදා දක්වා කාලය තුළ සිදු වූ මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට රුපියල් හැට දෙලක්ෂ අසූ හතරදහස් දෙසිය දාහතයි ශත හැට එකක (රු. 6,284,217.61) මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි. නිසි සුදුසුකම් රහිතව හමුදාවට බඳවා ගත් සැකකාර යෝෂිත රාජපක්ෂ මහතා විදේශ පුහුණුව සඳහා යොමු කිරීමෙන් මෙම පාඩුව සිදු කර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි. High-Profile Corruption Case Filed Against Former Navy Chief and Yoshitha Rajapaksa Serious allegations of corruption have surfaced against former Navy Commander Vasantha Karannagoda and Yoshitha Rajapaksa, son of former President Mahinda Rajapaksa. The Colombo High Court has officially registered an indictment against the two, following a comprehensive investigation by the Commission to Investigate Allegations of Bribery or Corruption. The indictment, encompassing eight charges, centers on the irregular recruitment of Yoshitha Rajapaksa into the Sri Lanka Navy despite lacking the necessary educational qualifications. Specifically, it accuses him of causing a financial loss to the government by facilitating his referral to training with the British Royal Navy outside established protocol. Vasantha Karannagoda is named as the first accused in this case, with Yoshitha Rajapaksa serving as the second. The Bribery Commission has submitted a list of 25 witnesses along with 47 documentary pieces of evidence to support the case in court. The indictment cites violations under the Prevention of Corruption Act, alongside legal breaches defined in the Penal Code of Sri Lanka. Details revealed during previous hearings at the Colombo Magistrate's Court suggest that the government incurred a financial loss of over 6.28 million rupees (approximately USD 34,000) due to actions taken between September 1, 2006, and June 8, 2007. The Bribery Commission further emphasized that the financial loss resulted directly from the improper recruitment of Yoshitha Rajapaksa and his subsequent overseas training, underscoring the need for accountability in public service operations. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad