
රවී සෙනෙවිරත්නටත් ශානි අබේසේකරටත් මරණ දඬුවම දිය හැකියි..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම සහ ඒ සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරු තිබියදීත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යන මහත්වරුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය. සහරාන් හෂීම් ඇතුළු පිරිස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ විසින් එවකට ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කර තිබුණද, ඔවුන් සහරාන් යනු කවුදැයි නිසි අවබෝධයකින් පසු නොවූ බව ගම්මන්පිල මහතා පෙන්වා දෙයි. එහෙත්, එම අවධියේදීම වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනය, මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, වනාතවිල්ලුවෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සහ මඩකලපුව පාරමුණේදී මෝටර් සයිකල් බෝම්බයක් අත්හදා බැලීම යන සිදුවීම් හතරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වමින් සිටි බව ඔහු සිහිපත් කළේය. සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුව තිබුණේ රහස් පොලිසිය භාරව සිටි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ට බව ඔහු වැඩිදුරටත් පැවසීය. "පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යාම" නමැති කෘතියේ ශානි අබේසේකර මහතාට එරෙහිව චෝදනා 11ක් සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇති බවත්, සහරාන් අත්අඩංගුවට ගැනීමට ක්ෂණික පියවර නොගැනීම හිතාමතා සිදුකළ පැහැර හැරීමක් බවත් ගම්මන්පිල මහතා චෝදනා කළේය. ලෝකයේ වෙනත් කිසිදු රටක පරීක්ෂණයක සැකකරුවෙකු එම පරීක්ෂණයේම ප්‍රධානියා ලෙස කටයුතු නොකරන බවත්, ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබීම කණගාටුදායක බවත් පවසමින් ඔහු සිය අදහස් දැක්වීම අවසන් කළේය. Calls for Accountability Over Easter Attack Failures: Gammanpila Udaya Gammanpila, leader of the Pivithuru Hetak movement, has suggested that former Senior Deputy Inspector General of Police Ravi Senewiratne and former Director of the Criminal Investigation Department Shani Abeysekera could face the death penalty for their failures to prevent the Easter Sunday terrorist attacks, even when they had clear information about the threats. Speaking at a special media briefing in Colombo, Gammanpila emphasized the gravity of the situation, citing the intelligence reports that warned then-Defense Secretary and police officials of impending attacks orchestrated by the likes of Zahran Hashim, noting a lack of understanding regarding Zahran's identity and intentions. He recalled that during this crucial period, incidents such as the murder of police officers in Vavuniya, the destruction of a Buddhist shrine in Mawanella, the discovery of explosive materials in Wanathavilluwa, and the testing of a motorcycle bomb in Madakaleppu were all under investigation by the Criminal Investigation Department. Gammanpila asserted that a thorough understanding of Zahran’s activities should have fallen under the purview of Senewiratne and Abeysekera, who were both responsible for intelligence operations at the time. In his remarks, he revealed that concrete evidence had been presented against Shani Abeysekera, including 11 charges related to his failure to apprehend Zahran promptly, suggesting that such negligence was a deliberate act to mislead investigations. He lamented the unprecedented nature of having a suspect lead the investigation into their actions, a situation he deemed regrettable in the Sri Lankan context. Gammanpila concluded by highlighting the need for significant accountability, urging that no other country allows such a scenario where a suspect operates at the helm of an investigation into their own activities, calling for reform in Sri Lanka's handling of terrorism cases. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

