
සුළං තවත් වැඩි වෙයි – මුහුදු ගිය බෝට්ටු කිහිපයක් අතුරුදන් – මළ සිරුරකුත් සොයා ගැනේ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මීගමුව ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවර බෝට්ටුවක් පෙරළි එහි සිටි එක් ධිවරයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ ධිවරයන් 4 දෙනෙකු එම බෝට්ටුවෙන් ඊයේ මුහුදු ගොස් ඇති බවයි. අනතුරට පත් වූ බෝට්ටුවේ සිටි එක් ධීවරයෙකු පිහිනා ගොඩබිමට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා. ඒ අනුව නාවික හමුදා යාත්‍රාවක් එම ස්ථානයට ගොස් කළ සෝදිසි කිරීම් හමුවේයි ජීවිතක්‍ෂයට පත්ව සිටි එම ධීවරයාගේ සිරුර සොයාගෙන ඇත්තේ. අතුරුදන්ව ඇති ධීවරයන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මේ අතර මීගමුවෙන් මුහුදු ගිය බෝට්ටු තුනක් අතුරුදන්ව ඇති බවට නාවික හමුදා වෙත තොරතුරු ලැබී තිබෙනවා. එම අතුරුදන් වූ බෝට්ටු තුන සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ සදහා ගුවන් හමුදාවද එක්ව සිටිනවා. මේ අතර කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යා හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල මහතා පැවසුවා. .
Google AdSense
In-Article Ad

