
අපිත් මාලිමාවටයි උදවු කලේ.. ඒත් විනිසුරු වයස වැඩි කිරීමට විරුද්දයි..- යුක්තිය උදෙසා වූ නීතිඥයෝ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එම සංවිධානයේ සභාපති නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා මේ බව අවධාරණය කළේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. වත්මන් රජයේ ප්‍රතිපත්තිමය ගමන් මගට තමන් සහාය දැක්වුවද, අධිකරණ පද්ධතියට අහිතකර ලෙස බලපාන මෙවැනි තීරණ සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. යෝජිත සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම එහි විනිවිදභාවයට ද බාධාවක් විය හැකි බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. මහජනතාව වත්මන් රජයෙන් අපේක්ෂා කරන්නේ දූෂිතයන්ට සහ වංචාකරුවන්ට එරෙහිව නීතිය වේගවත්ව ක්‍රියාත්මක වන කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් මිස, විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. දූෂිතයන්ට දඬුවම් දීම සඳහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ඔහු මෙහිදී අවධාරණය කළේය. මෙම සංශෝධනය අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට උචිත නොවන බැවින් එය වහාම හකුලා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටි ඒ මහතා, දොවාගත් කිරි කළයට ගොම බින්දුවක් නොදමා රජය සිය ගමන ඉදිරියට ගෙන යා යුතු බවත්, මෙවැනි තීරණ මගින් රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු විය හැකි බවත් අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.
Google AdSense
In-Article Ad

