
මීට පක්ෂවලට කඩේ ගිය පොලිස්පතිලාට වෙච්ච දේ හිතන්න.. නාමල් පොලිස්පතිට කියයි..
FM Heart · 10 min read
Google AdSense
After Featured Image
පොලිස්පතිතුමාට කියන්නේ, දේශපාලඥයින් දෙන මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න.ඔබතුමාලාට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා ඔබතුමාලා අසරණ කරන්න එපා යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා, "දැන් මේ සහන දෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නෑ ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හැබැයි ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවේ කියවනවා විතරනෙ. මුදල් වෙන් කරනවා කියනවා, දෙනවා කියනවා. දැන් ගොවි මහත්තුරුන්ට පොහොර ලැබිලා කියනවා, ඉතින් එහෙම නම් ඇයි දන්නේ නෑ මේ ගොවි ජනතාව පාරට බැහැලා ආණ්ඩුවෙන් පොහොර ඉල්ලලා, වී වලට සහතික මිලක් ඉල්ලලා උද්ඝෝෂණය කරන්නේ? ඉතින් මේක ඇතුලෙ කියවන එක ලේසියි ගරු නියෝජ්‍ය කථානායකතුමනි. හැබැයි සහන දෙනවා නම් අපිත් කැමතියි. මොකද මේ වෙලාවේ අපි විශ්වාස කරනවා මේ රටේ ගොවි ජනතාවට, මේ රටේ ව්‍යාපාරිකයාට, මේ රටේ ධීවරයාට, ව්‍යවසායකයාට සහනයක් දෙන්න ඕනේ. හැබැයි ඉතින් ඒ සහන දීම පාර්ලිමේන්තුවේ කතාවකට විතරක් සීමා වෙනවා නම්, දැන් මේ බිලියන 100න් කීයක් හැකර් අරන් යයිද දන්නේ නෑ. දැන් හෙට විවාදය තියෙනවා හැකර් ගැන. හැබැයි ඉතින් මේ ආණ්ඩුවේ ඔබතුමාලා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් පුරවා ගන්නවා කිව්වට මැදදී හැකර් කෙනෙක් පැනලා අරන් යනවානේ. අන්තිමට හැකර් හොයාගන්නත් නෑ, ගරු නියෝජ්‍ය කථානායකතුමනි. විශේෂයෙන්ම අද ආපදා තත්ත්වය පිළිබඳව, අපි දැක්කා මේ වෙලාවෙත් අපි මේ කතා කරන වෙලාවෙත් මේ රටේ රණවිරුවන්, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡාවෙන් තරුණ පිරිස් විශාල කැපවීමක් කරනවා රාජ්‍ය සේවකයෝ ජීවිත බේරගන්න. පසුගිය දිට්වා සුළි කුණාටුව වෙලාවේ, ඔබතුමාලාගේ ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අසීමිත පොරොන්දු දුන්නා. අසීමිත පොරොන්දු. හැබැයි ඒවා යථාර්ථයක් බවට පත් කරන්න බැරි වුණා. ඒක තමයි ඇත්ත කතාව. ඒක කරේ නෑ. හැබැයි මාස ගානක් ගිහිල්ලා දැන් කියනවා මේ ගෙවල් 30කට මුල්ගල් තිබ්බා, දැන් මාස 8ක් ගිහිල්ලා දෙවැනි වැස්සත් ඇවිල්ලා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි. සමහර පැතිවල ජීවත් වෙච්ච ජනතාවට ඒ තමන්ගේ නිවාසවලට යන්න එපා කියලා කියද්දී, ආණ්ඩුව මැදිහත් වෙලා නිලධාරීන් ලව්වා බලෙන් ගිහිල්ලා පදිංචි කරා. බලෙන් යැව්වා ගෙවල්වලට. දැන් අද ඒ නිවාස, ඒ ගම්මාන නැවත වතාවක් ආපදාවට ලක් වෙලා තියෙනවා. දැන් කවුද මේකට වගකීම භාර ගන්නේ? තව පැත්තකින් උසස් පෙළ විභාගය ලියන දරුවෝ, අධ්‍යාපන අමාත්‍යවරියගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. නිරන්තරයෙන් කතා කරා උසස් පෙළ විභාගය කලින් ගත්තා කියලා. සහනයක් ලැබුනේ නෑ. සිලබස් ආවරණය කරලා නෑ, සිලබස් කවර් කරලා නෑ, ඒක තමයි ඇත්ත කතාව.හැබැයි දැන් එක පැත්තකින් ආණ්ඩුවක් විදියට ගත්තු තීන්දුවක් නිසා දරුවෝ පීඩනයට පත් වෙනවා, දැන් අනික් පැත්තෙන් මේ ආපදා තත්ත්වය නිසා ඒ දරුවෝ පීඩනයට පත් වෙනවා. තව දින කීපයකින් විභාගය ලියන්න ඕනේ. හැබැයි තවමත් ආණ්ඩුවක් විදියට ඒ උසස් පෙළ ලියන දරුවන්ට සාධාරණයක් කරන්න ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මොකක්ද සැලැස්ම? තවදුරටත් අපි ඇහුම්කන් දෙන්නේ නෑ, ඒක අපි බලාගන්නම් කියලා ඔබතුමාලාගේ සුපුරුදු දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවද? එහෙමත් නැත්නම් ඒ දරුවන්ට ඇහුම්කන් දෙනවද? ඉතින් මේ කාරණය පිළිබඳව ඔබතුමාලාගේ, තුමියලාගේ අවධානය යොමු කරන්න මම ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම උසස් පෙළ දරුවෝ මේ මුහුණ දෙන පීඩනය සම්බන්ධයෙන්. මේක සුළුවට තකන්න එපා! ඔබතුමාලට මේක කටින් ගහලා, පාර්ලිමේන්තුවේ ලොකු කයිවාරු ටිකක් ගහලා බේරෙන්න පුළුවන් වෙයි. හැබැයි මේ දරුවෝ විශාල පීඩනයක ඉන්නේ. දැන් ඉඩම් සම්බන්ධයෙන් කතා කරා. මම දැක්කා එක ඇමතිවරයෙක් කියනවා, "මේ ආණ්ඩුවට නම් ඉඩම් නෑ, හැබැයි පන්සල්වලටයි දේවාලවලටයි ඕන තරම් ඉඩම් තියෙනවා" ලු. ඒ සාංඝික දේපළ! ගරු ඇමතිවරුන්ට, අගමැතිවරියට, ජනාධිපතිවරයාට පුළුවන් මහා සංඝරත්නය එක්ක සාකච්ඡා කරලා ඒ ඉඩම් ජනතාවට අවශ්‍ය නම් ඉල්ලගන්න. ඔබට මතක ඇති මීට පෙර සුනාමිය ආපු වෙලාවේ අපේ ගම්වල, දකුණු පළාතේ විශේෂයෙන්ම ගාමිණී මන්ත්‍රීතුමාත් ඉන්නවා, ගරු අපේ නායක හාමුදුරුවරු ඉදිරිපත් වෙලා ගෙවල් හදලත් දුන්නා. උන්වහන්සේලා මේ ඉඩම් බලෙන් තියාගෙන ඉන්නේ නෑ. ආයේ ඒක මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගරහලා වැඩක් වෙන්නේ නෑ, "අපිට ඉඩම් නෑ, පන්සල් දේවාලවල ඉඩම් තියෙනවා, අපි කොහොමද ඉඩම් දෙන්නේ" කියලා. ආණ්ඩුවක් කියන එකට මැදිහත් වෙලා උන්වහන්සේලා එක්ක සාකච්ඡා කරන්න. බොහෝ නායක හාමුදුරුවරු, දේවාලවල අය උන් මැදිහත් වෙයි ගෙවල් ටික හදලා දෙන්නත්. ඒක මේ නිකන් රටේ සමාජයේ ලොකු කතිකාවතක් හදන්න අවශ්‍ය කාරණයක් නෙමෙයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි. තව පැත්තකින් අද ඔබතුමාලා මේ සහන ගැන කතා කරනවා. ගොවියාගේ පොහොර ප්‍රශ්නය, අද ඔබතුමාලා ලබාදෙන විසඳුම මොකක්ද? වීවලට සාධාරණ/සහතික මිලක් ඉල්ලනවා. ඔබතුමාලා ගොයම් කැපෙන කාලේ පිටරටින් හාල් ගේනවා. පිටරටින් හාල් ගෙනල්ලා කියනවා දැන් හරි කියලා. හැබැයි ගොවියා අසරණ වෙනවා, එළවළු ගොවියා අසරණ වෙනවා. පොහොර දෙනවා කියලා පොහොර යනකොට පොහොර ගහන්න ඕනේ කාලේ පැනලා. එතකොට කළු කඩයකින් නැත්නම් ව්‍යාපාරිකයන්ගෙන් අසීමිත ගානක් දීලා පොහොර මිලදී අරගෙන. ආයේ එහෙම අසීමිත ගානක් දීලා පොහොර මිලදී ගත්තට පස්සේ ආණ්ඩුවෙන් පස්සේ එව්වා කියලා ඒක රීෆන්ඩ් කරන්න යන්නේ නෑ. ඒක තේරුම් ගන්න ඕනේ. ප්‍රායෝගික වෙන්න. ඔබතුමාලා ඒක ගොවි මහත්තුරු සාකච්ඡාවක් ඉල්ලුවාම මොකක්ද කියන්නේ? ඒකකො කසිප්පුකාරයෙක් කියනවා, ඒක මේක දේශපාලනික කරනයක් කරලා කියනවා, මේ විපක්ෂය විසින් මෙහෙයවනවා කියනවා. මොකද ඔය ගොවි සංවිධාන භාගයක් ඔබතුමාලා එක්ක වැඩ කරපු අය, ඔබතුමාලාගේ දේශපාලන න්‍යාය පත්‍රයේ හිටපු අය. අද ඒ ජනතාව අසාධාරණයට ලක්වෙනකොට ඔබ පක්ෂයක් විදියට මුහුණ දෙන්නේ නැත්නම්, ඔබතුමාලා ආණ්ඩුවක් විදියට ඒකට මැදිහත් වෙන්නේ නැත්නම්, ඒ ජනතාව පාරට බහිනවා ඒක නවත්තන්න බෑ! ඒක ඔබ දන්නවා මට වඩා හොඳට. ඔබ ඒ අය මෙහෙයවපු අය.ඔබ ඒ අය මෙහෙයවපු අය. දැන් අර පොලිස්පතිවරයා ගැන කතා කරා. ඔව්, පොලිස්පතිවරයා JVP එකේ පැලවත්ත කාර්යාලයේ පොලිස්පතිවරයා විදියට තමයි ගරු නියෝජ්‍ය කථානායකතුමනි හැසිරෙන්නේ. ඒක හංගන්න දෙයක් නෙමෙයි මුළු රටම දන්නවා.පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකතුමාගේ කතාව ඇහුවාම ඒක නිකන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයෙක් කතා කරනවා වගේ, ඒක ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අර සාගර කාරියවසම් අපේ ලේකම්තුමාගේ ප්‍රකාශයක් ගැන කිව්වා, "පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අධිකරණ ඇමතිවරයෙක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරු කියන 159ක් ඉන්න ආණ්ඩුවක්. අවබෝධයෙන් බොරුව කියන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි! අවබෝධයෙන් බොරු කියන 159 දෙනෙක් ඉන්න, පාපිසි කෑලි ඉන්න ආණ්ඩුවක්, අද මේ විපක්ෂය හැසිරෙන්න ඕනේ ආකාරය පිළිබඳව කතා කරනවා." ඉස්සෙල්ලා ඔබතුමාලා, ඔබතුමියලා ආණ්ඩුව හැසිරෙන්න ඕනේ විදියට හැසිරෙන්න. ඔබ දැන් ඉන්නේ ආණ්ඩුවේ. මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන වෙන්න ඕනේ. හැබැයි පොලිසිය දක්වන කරුණු මත තමයි ගරු විනිශ්චයකාරවරු ක්‍රියාත්මක වෙන්නේ. පොලිසිය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වෙනවා නම්, ආණ්ඩුවේ අතකොළුවක් බවට පොලිසිය පත්වෙලා තියෙනවා නම්, පොලිස්පතිවරයා හැසිරෙන්නේ පැලවත්ත කාර්යාලය නැත්නම් JVP එකට ඕනේ විදියට නම්, ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ පිළිබඳව ජනතාව තුළ යම් මතයක් තියෙනවා. මම පොලිස්පතිතුමාගෙනුත් ඉල්ලන්නේ මේ දේශපාලනඥයෝ දෙන ලණු කන්න එපා.මේ පොලිස්පතිතුමාට කියන්නේ, මේ ලණු කන්න එපා.මීට පෙර ඔය විදියටම පක්ෂවලට කඩේ ගියපු පොලිස්පතිවරුන්ට වෙච්ච දේ ගැන හිතලා බලන්න.ඔබතුමාලාට අසීමිතව කඩේ යන පොලිස්පතිව අසරණ කරන්න එපා ඔබතුමාලා අසරණ කරන්න එපා. අහගෙන ඉන්න,ඇඟට අමාරුයි,කියනකොට දැනෙනවා නේද? අපි දන්නවනේ ඉතින්, අනේ මේ ඔබතුමාලාගේ දේශපාලන හැසිරීම පිළිබඳව පේනවනේ, ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගේ දඟලන්නේ. ගැරඬින්ට භූමිතෙල් ගැහුවා වගේ ගරු කථානායකතුමනි, පව් අසරණයි. ඒ හින්දා ඔබතුමාලා දන්නවා නම් පෙර දේශපාලනීකරණය වෙච්ච පොලිස්පතිවරුන්ට, පොලිසියට ගියපු කලදසාව, ඔබතුමාලාගේ පොලිස්පතිව අනාථ කරන්න එපා. මම මේ කියන්නේ ඒක. ඔව් ඔව්, එයා තමයි කිව්වේ. හරි හරි, ඔහොම කිය කියා ඉන්න. 159ම විනෝද වෙන්න ගරු නියෝජ්‍ය කථානායකතුමනි! ඔහොම තමයි, අවසාන කාලේ වෙනකොට ඔය ඔය වගේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔබතුමාලා මෙතන මේ කයිවාරු ගහන්න පුළුවන්, ඔබතුමාලා මෙතන දඟලන්න පුළුවන්, අවබෝධයෙන් බොරු කියන්නත් පුළුවන්, ඔබතුමාලාට ඕන ඕන විදියට චෝදනා හදන්නත් පුළුවන්, නගන්නත් පුළුවන්, කියවන්නත් පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න! මේ රටේ සමස්තයක් විදියට රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කිරීම තුළ, මේ රටේ සමස්තයක් විදියට පොලිසිය සහ අධිකරණ පද්ධතිය ගරු නියෝජ්‍ය කථානායකතුමනි විනාශ කිරීම තුළ, ඔබතුමාලා එක පැත්තකින් මේ රටේ වෛද්‍යවරුන්ට, නීතිඥවරුන්ට, ඉංජිනේරුවන්ට, රණවිරුවන්ට මඩ ගහලා උන්ගේ චරිත ඝාතනය කරලා සමස්ත වෘත්තීයම කඩාගෙන වට්ටන්න දඟලනකොට මහන්සියි, ලැජ්ජයි! නීතිඥවරු වාඩිවෙලා ඉන්නවා, හැබැයි නීතිඥවරු තමන්ගේ වෘත්තියට ගරහනවා! ඉතින් එහෙම කරනකොට ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සමස්තයක් විදියට රාජ්‍ය කඩන් වැටෙන එක නවත්තන්න බෑ! ඒ රාජ්‍ය කඩන් වැටුනාට පස්සේ ඇවිල්ලා කැඳිරි ගාන්න එපා "අනේ මෙන්න මේ රාජපක්ෂලාගේ වැඩක්" කියලා නම් කෙඳිරි ගාන්න ලෑස්ති වෙන්න එපා. මොකද අපි ඕගොල්ලෝ වගේ මේ පස්ස දොරෙන් දුවන අය නෙමෙයි. මෙයාලා දන්නවා, මෙයාලා දන්නවනේ අපි ගැන ඒ හින්දා ඒවට ලෑස්ති වෙන්න එපා ගරු නියෝජ්‍ය කථානායකතුමනි. අපි හැංගි හොරා වැඩ නෑ, අපි එක වෙලාවට... බොහොම ස්තූතියි ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම ඔබතුමාලගෙන් ඉල්ලන්නේ ඔය කියන සහන ටික අනේ දෙන්න! ඕක හැකර් කෙනෙක් ඇවිල්ලා මේ බිලියන 100ත් උස්සන් යනකම් බලන් ඉන්නේ නැතුව, මේ බිලියන 100 කරුණාකරලා ජනතාවට දෙන්න! MP Namal Rajapaksa Urges Government Not to Bow to Political Pressure In a strong statement made in Parliament, Member of Parliament Namal Rajapaksa urged the police chief to resist political pressures imposed by politicians, emphasizing the need for law enforcement to remain impartial. "You must remember what happened to police chiefs in the past who succumbed to similar political influences. Do not abandon your principles; do not let political figures lead you astray," he asserted. Rajapaksa's comments came during an address that criticized the government's handling of crucial issues affecting farmers and the general public. He expressed concern over the distribution of government aid, questioning whether it would translate into real support for struggling farmers. “Currently, we hear that farm inputs are being provided, but amidst this, there are farmers protesting on the streets demanding guaranteed prices for their crops. If assistance is genuine, then why are these protests occurring?” he asked. He further pointed out that merely discussing financial support in Parliament does little to alleviate the hardships faced by farmers and businesses. Rajapaksa highlighted the plight of youth sitting for the forthcoming Advanced Level examinations, questioning the lack of communication from the Ministry of Education regarding their concerns. "The children preparing for exams are under immense stress due to the current situation, yet there has been no reassurance or practical solutions offered from the government," he remarked. In a broader discussion about the national crisis, Rajapaksa called attention to the disaster recovery efforts being undertaken by courageous youth and public servants, expressing admiration for their dedication amidst adversity. He also pointed out a troubling incident where the President had made grandiose promises to the Parliament following a recent natural disaster that have not materialized. “Months have passed since those assurances, and now these homes are again vulnerable due to flooding. Who will take responsibility?” he questioned. On the topic of land allocation, Rajapaksa criticized remarks made by government officials suggesting that land was available for places of worship but not for housing. He called for dialogue with religious leaders to ensure that the needs of the people are prioritized: “We must address these land issues collectively with community leaders to develop sustainable housing solutions." He also expressed disbelief at the government’s handling of issues plaguing farmers, particularly concerning fertilizer shortages. “Farmers cannot be left at the mercy of high prices from private vendors when they need inputs at critical times. Practical discussions with them are essential to prevent further crises," he asserted. As the conversation turned back to the police, Rajapaksa reiterated his appeal for law enforcement to remain free from political entanglements. “It is crucial that the police do not become politicized. They should serve the public impartially and ensure the law is upheld,” he emphasized. In conclusion, Namal Rajapaksa called on the government to provide genuine support to those in need, stating, “Let us not waste billions of rupees on corruption but rather invest in the wellbeing of our citizens.” *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

