
අල්ලස් කොමිසම පැවරූ ජොනීගේ නඩු 5ක් අහන්න අභියාචනාධිකරණයෙන් මහාධිකරණයට නියෝගයක්!
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් රාජකාරී නොවන කටයුතු සඳහා යොදවා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ මුදලින් වැටුප් හා අතිකාල දීමනා ගෙවීමෙන් රජයට රුපියල් මිලියන 60කට ආසන්න පාඩුවක් සිදුකිරීමේ චෝදනාව යටතේ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විම්ශන කොමිසම විසින් පවරනු ලැබ තිබූ නඩු 05ක් විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද (04) මහාධිකරණයට නියෝග කළා. මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, කේ. එම්. එස්. දිසානායක, කේ. පී. ඊ. ප්‍රනාන්දු සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් යන අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින්. එක් නඩුවකින් විත්තිකරුවන් නිදෙස් කොට නිදහස් කරමින් මහාධිකරණය විසින් ලබාදී තිබූ තින්දුව අභියාචනාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද (04) එලෙස බලරහිත කළා.
Google AdSense
In-Article Ad

