
තද සුලං එයි.. ධීවර තහනමක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අදාළ නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා වැඩි විය හැකි අතර, ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම තත්ත්වය වෙරළාසන්න ධීවර කටයුතු සඳහා අතිශය අවදානම් සහගත බැවින්, එම ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යන එක්දින සහ වෙරළාසන්න රැකියාවේ නියුතු කුඩා යාත්‍රා ධීවර කටයුතු සඳහා පිටත්ව නොයන ලෙස දැඩි ලෙස අවවාද කරනු ලැබේ. එසේම, අවදානම් තත්ත්වයක් වාර්තා නොවන සෙසු ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා පිටත් වන ධීවර යාත්‍රා ද, මාතර සිට පොතුවිල් දක්වා නම් කරන ලද මෙම අවදානම් මුහුදු කලාපය තුළ ධීවර රැකියාවේ නොයෙදෙන ලෙස විශේෂයෙන් දැනුම් දෙනු ලැබේ. පවතින කාලගුණ තත්ත්වය සහ ඉදිරියේදී නිකුත් කරනු ලබන කාලගුණ නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව පිළිබඳ උපදෙස් අකුරටම පිළිපදිමින් වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලුම ධීවරයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Google AdSense
In-Article Ad

