FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දු-ලංකා නිදහස් වෙලද ගිවිසුම තර කරන්න එකගවේ...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි මහතා මෙරට සිදුකළ නිල සංචාරය අතරතුරදී මෙම තීරණයට එළඹ ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර ඇත්තේ, දෙරටටම උපරිම ප්‍රතිලාභ හිමිවන අයුරින් පවතින වෙළඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයන් ඉදිරියේදී නම් කිරීමට නියමිත බවයි. ඉන්දීය විදේශ ලේකම්වරයා සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. එහිදී දැනට මෙරට ක්‍රියාත්මක වන, එහෙත් විවිධ හේතූන් මත මන්දගාමී වී ඇති ඉන්දීය ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ඉන්දීය පාර්ශවය ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. විශේෂයෙන්ම දෙරට අතර විදුලිබල පද්ධති සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතිය, සම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට ද දෙපාර්ශවය එකඟ වී තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 61.5ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට කඩිනමින් එළඹීමට ද මෙහිදී සාකච්ඡා වී ඇත. දෙණියාය රෝහලට වෛද්‍ය උපකරණ සැපයීම සහ දිවයින පුරා අධ්‍යාපන ආයතන සඳහා උපකරණ ලබා දීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව ද නියෝජිතයන්ගේ අවධානය යොමු විය. දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් වී ඇති අතර, අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු එයට අත්සන් තැබීමට නියමිත බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම් ද ඉදිරියේදී සමාලෝචනය කිරීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Google AdSense

In-Article Ad