
දේශසීමා සාමය මත රැඳී තිබෙන ඉන්දු
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඉන්දියාව සහ චීනය අතර පවතින සමස්ත ද්වීපාර්ශ්වික සබඳතාවල ස්වභාවය තීරණය වන්නේ දෙරට අතර දේශසීමාවේ පවතින තත්ත්වය මත බව ඉන්දියාව පවසයි. එමෙන්ම, අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ස්ථාන 27ක් සඳහා සම්මත නාමයන් හඳුන්වා දීමට ඉන්දියාව ගත් තීරණය චීනය විවේචනයට ලක්කිරීම තරයේ ප්‍රතික්ෂේප කළ ඉන්දියාව, අරුනාචල් ප්‍රදේශ් යනු තම රටෙන් පවරා දිය නොහැකි, අනිවාර්යය කොටසක් බව නැවතත් අවධාරණය කර තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පවසා ඇත්තේ, පාලන රේඛාව හරහා සාමය පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වන අතර, ඉන්දු-චීන සබඳතාවල සර්ව පාක්ෂික දියුණුව සඳහා එය අත්‍යවශ්‍ය බවය. ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ප්‍රදේශවලට අදාළ කරුණුවලදී මෙම ගැටලු ඉතා බැරෑරුම් ලෙස සලකන බව චීන පාර්ශ්වය සමඟ පැවැති සාකච්ඡාවලදී සැමවිටම අවධාරණය කර තිබෙන බවද ජයිස්වාල් මාධ්‍ය හමුවේ පෙන්වාදී තිබේ. පසුගිය සතියේ පැවැති ඉන්දු-චීන දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණ යාන්ත්‍රණයේ රැස්වීමේදීද ඉන්දියාව මෙම ස්ථාවරය නැවත අවධාරණය කර ඇති බව පැවසෙයි.
Google AdSense
In-Article Ad

