FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසල පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද උදෑසන සිදු කෙරුණා. ”මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරු 6 පසු වී විනාඩි 17 ට යෙදුණු සුබ නැකතට අනුව සිදු වුණා. ඊයේ දිනයේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට පෙරහැරකින් රැගෙන ආ කප, මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේදී කොටස් හතරකට වෙන් කොට නාථ, විෂ්ණු, පත්තිනි, කතරගම යන දේවාලයන් වෙත බෙදා දීම සිදු කෙරුණා. ඉන් පසුව තමයි අද උදෑසන මේ ආකාරයෙන් චාරිත්‍රානුකූලව, ආගමික වතාවත්වලට අනුව කප් සිටුවීම සිද්ධ වුණේ. මේක ඉතාමත් පැරණි චාරිත්‍රයක්. හෙළ රජ දවසේ සිට පෙරහැර පැවැත්වීමට පෙර මේ සිව්මහා දේවාල කප් සිටුවීමේ චාරිත්‍රය සිද්ධ වෙනවා. ඒ සඳහා සිව්මහා දේවාල බස්නායක නිලමේවරුන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙන්ම ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට සූදානම් වෙනවා. බොහෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී කප් සිටුවීමේ ඒ දර්ශනය දැක ආශිර්වාද ලබා ගැනීම සඳහා හිමිදිරියේවල සිටම දේවාල අතර වෙත පැමිණෙන ආකාරයක් අපිට දක්නට ලැබුණා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මහනුවර ප්‍රදේශයේ ඉතාමත් පැහැබර කාලගුණ තත්ත්වයකුත් තියෙනවා. අද කප් සිටුවීමෙන් අනතුරුව අද සිට 18 වැනිදා දක්වා සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහැර හෙවත් ඇතුළු පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මේ ආකාරයෙන් තමයි මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වන්නේ. මේ ආකාරයෙන් තමයි කප් සිටුවීමේ කටයුතු අද සිදු වුණේ.” .

Google AdSense

In-Article Ad