FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු ඉල්ලා අස්වේ...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සභාපති නීතිඥ ලාල් කුමාරපේලි මහතාගේ ( ජාතික ජන බලවේගය ) ප්‍රධානත්වයෙන් පසුගිය 06 වැනි බ්‍රහස්පතින්දා පැවැති සභා වාරයේදී මෙම ඉල්ලා අස්වීම් නිවේදනය කෙරිණි . මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ චන්ද්‍රාණි විජේසිරි සහ මනෝරි කබ්රාල් යන මන්ත්‍රීවරියන් දෙදෙනාය . සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් චන්ද්‍රාණි විජේසිරි මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ සභාවේ වත්මන් කටයුතු පිළිබඳව පවතින කලකිරීම හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි . මනෝරි කබ්රාල් මහත්මිය පෞද්ගලික හේතූන් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සභාවට දැනුම් දී තිබේ . ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙමින් චන්ද්‍රාණි විජේසිරි මහත්මිය සභාව හමුවේ සිය අදහස් ද පළ කළාය .

Google AdSense

In-Article Ad