
ජපානයේදී තියුණු ආයුධයකින් පහරදී ශ්‍රී ලාංකික තරුණයෙකු ඝාතනය කෙරේ – සැකකාර ශ්‍රී ලාංකික තරුණයාද අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ජපානයේ චිබා ප්‍රාන්තයේ නගරෙයාමා නගරයේ පිහිටි නිවසකදී 21 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් අනෙක් තරුණයාගේ උදර ප්‍රදේශයට එලෙස තියුණු ආයුධයෙන් පහරදී ඇති බවයි ජපාන් මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධියෙන් පසු සැකකරු විසින්ම හදිසි ඇමතුම් අංකයට තොරතුරු ලබාදී ඇති අතර, රෝහල්ගත කළ 21 හැවිරිදි තරුණයා පසුව මියගොස් තිබෙනවා. මියගිය තරුණයා සහ අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා එකම නවාතැනක එකට පදිංචිව සිටි සිසුන් දෙදෙනෙක් බව සඳහන්. තමාට ලිංගික අභියෝගාත්මක වචනයෙන් බැණ වැදී, මවට අපහාස කර තමාට පහරදීම හේතුවෙන් කෝපයට පත් තමන් මෙලෙස තියුණු ආයුධයකින් පහරදුන් බවට සැකකරු ප්‍රකාශ කර ඇති අතර, ජපාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා. .
Google AdSense
In-Article Ad

